Sunday, May 19, 2024
Home » ඩෙල්ෆ් දූපතේ සිට හිංසාකාරී ලෙස ගවයන් ප්‍රවාහනය කර හසුවෙයි

ඩෙල්ෆ් දූපතේ සිට හිංසාකාරී ලෙස ගවයන් ප්‍රවාහනය කර හසුවෙයි

by yasara
May 6, 2024 9:30 am 0 comment

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට නීති විරෝධී ලෙස යාපනයට ප්‍රවාහනය කරමින් සිටි එළ ගවයින් 21 දෙනෙකු සමග ලොරියක්ද සැකකරුවකු ද යාපනය පොලීසිය විසින් ඊයේ (05)  අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම එළ ගවයින් ඉතා හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි බව පැවසූ යාපනය පොලීසිය එම ගවයින් ඩෙල්ෆ්ට් දූපතේ සිට බෝට්ටු මගින් ගොඩබිමට රැගෙන විත් පසුව  එම සතුන්  ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට  ගත් බවද පැවසීය.

ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 21 දෙනාගෙන් 9 දෙනෙකු මුදලට ලබා ගෙන ඇතත් ඒ සදහා කුවිතාන්සි තිබුණද හිංසාකාරී ලෙස එම ගවයින් ප්‍රවාහනය කිරීම සැකකරුට එරෙහි වු එක් චෝදනාවකි.

අනෙක් ගවයින්  12 දෙනා මිලට ගැනීම වෙනුවෙන් කිසිම කුවිතාන්සියක් නොතිබූ නිසා එම ගවයින්ව හොරෙන්  රැගෙන එන ලද ගවයින් බවට පොලීසිය සැක කරයි.

සැකකරු හා ගවයින් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT