Saturday, May 18, 2024
Home » මවටත් දියණියටත් දිවි අහිමි කළ අධිවේගයේ අනතුර

මවටත් දියණියටත් දිවි අහිමි කළ අධිවේගයේ අනතුර

by chanaka
January 4, 2024 4:01 pm 0 comment

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට බද්දේගම අතර ඊයේ (03) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් මවක සහ දියණියක මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ සමරසිංහ කොඩිතුවක්කු ආරච්චිගේ උමේශිකා මධුමි (32) සහ ඇගේ මව එදිරිමුණි රීටා හැරියට් ද සොයිසා (56) යන දෙදෙනාය.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර තුනක් දුරින් බව පොලිසිය පවසයි.

මියගිය දියණිය තම මව වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගැනීම සඳහා වෑන් රථයකින් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබිණි. පොලිසිය පවසන්නේ වෑන් රථය ඉදිරියෙන් ගමන් කළ ලොරියක හැපී අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු 06දෙනෙකු තුවාල ලබා තිබුණි.

මව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් රෝහල්ගත කරන විට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ දියණිය අද(04) උදෑසන මියගිය බවත් වෛද්‍යවරු කියති. එම මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අද (04) දහවල් කරාපිටිය රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT