Saturday, May 18, 2024
Home » මුව ආවරණ පැළදීම අනිවාර්ය කරයි

මුව ආවරණ පැළදීම අනිවාර්ය කරයි

by chanaka
January 4, 2024 3:09 pm 0 comment

නව කොවිඩ් වෛරසය, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීමට මුව ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමට අමෙරිකාවේ රෝහල් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව නිව් යෝර්ක්, කැලිෆෝනියා, මැසචුසෙට්ස් සහ ඉලිනොයි යන ප්‍රාන්තවල පිහිටි රෝහල් රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුව ආවරණ අනිවාර්යය කිරීමට තීරණය කර ඇත.

නිව් යෝර්ක් නගරයේ සෞඛ්‍ය කොමසාරිස් වෛද්‍ය අශ්වින් වාසන් සදහන් කළේ, නගරයේ රජයේ රෝහල් 11, සෞඛ්‍ය මධ්‍යස්ථාන 30 සහ දිගු කාලීන සත්කාර පහසුකම් පහක මුව ආවරණය නැවත ආරම්භ කර ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මස 17-23 සතිය තුළදී අමෙරිකාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් වෛරස රෝගීන් 29,000කට අධික පිරිසක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT