Sunday, May 19, 2024
Home » ඩයලොග්, කාන්තාවන් වෙනුවෙන් දිරියක් වූ යෙහෙළි වෙබ් අඩවිය යාවත්කාලීන කරයි

ඩයලොග්, කාන්තාවන් වෙනුවෙන් දිරියක් වූ යෙහෙළි වෙබ් අඩවිය යාවත්කාලීන කරයි

by gayan
January 18, 2024 1:00 am 0 comment
වමේ සිට - ඩයලොග් ආසිආටා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, සමූහ අලෙවිකරණ සාමාන්‍යාධිකාරිනී අශානි සේනාරත්න, ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, ආයතනික සංවර්ධන, මානව සම්පත් උප සභාපතිනි රේඛා වීරසූරිය, තිරසර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන වෙබ් අඩවිය යළි දියත් කරන අවස්ථාව.වමේ සිට - ඩයලොග් ආසිආටා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, සමූහ අලෙවිකරණ සාමාන්‍යාධිකාරිනී අශානි සේනාරත්න, ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, ආයතනික සංවර්ධන, මානව සම්පත් උප සභාපතිනි රේඛා වීරසූරිය, තිරසර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන වෙබ් අඩවිය යළි දියත් කරන අවස්ථාව.

සමාජීය සහ ආර්ථික ගැටලු හමුවේ මෙරට කාන්තාවන්ට අත්‍යවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් සලසමින් ඔවුන්ට සවියක් වන මෙරට ප්‍රථම ත්‍රෛභාෂික වෙබ් අඩවිය වන යෙහෙළි, ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් යාවත්කාලීන කිරීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අඛණ්ඩව සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව, ඔවුන්ගේ ජීවිතවල බලාපොරොත්තුවේ කිරණක් බඳු Yeheli.lk, මෙලෙස නවමු වෙනසකින් යුතුව යාවත්කාලීන කෙරෙන බව ඩයලොග් පරිශීලකයින් වෙත සතුටින් දැනුම් දෙයි.

මෙරට කාන්තාවන් මුහුණ දෙන බරපතළ සමාජ ගැටලු හමුවේ, ඔවුන්ට

අත්‍යවශ්‍ය මානසික සෞඛ්‍ය රැකවරණය සැලසීමේ අරමුණින් ඩයලොග් විසින් මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙනු ලැබිණි. කාන්තාවන් මුහුණපාන, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, රැකියා ස්ථාන තුළ සිදුවන මානසික පීඩාවන් සේම, නායකත්ව භූමිකාවන්හි කාන්තා නියෝජනය අඩුවීම ආදිය වර්තමානයේ තීරණාත්මක සමාජීය ගැටලු බවට පත්ව තිබේ. එවැනි ගැටලු හමුවේ, මෙරට කාන්තාවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වෙබ් අවකාශයක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙය දියත් කෙරිණි. විශේෂයෙන්ම, කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය රැකවරණය සම්බන්ධයෙන් පවතින අවශ්‍යතාවද මෙමඟින් සපුරාලීම අපේක්ෂාවයි. එවැනි සියලු අවශ්‍යතා හමුවේ මෙරට කාන්තාවන්ට අවැසි අත්‍යවශ්‍ය සහය ලබා දීමට යෙහෙළි වෙබ් අඩවිය, කාන්තා පිහිට, Without Borders Sri Lanka, Doc 990 සමඟ මෙන්ම, ලක් වසම් ලේඛකාධිකාරය විසින් අරමුදල් සපයන හිතවතී සේවාව සමඟින් අත්වැල් බැඳ ගනිමින් අන්තර්-ක්‍රියාකාරී, නිර්නාමික උපදේශන සේවාවන් එමඟින් සලසයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා නොමිලේ සහය සලසන මෙම අඩවිය වටා මේ වන විටත් 500,000කට අධික පරිශීලක සංඛ්‍යාවක් එක්රොක් වී සිටිති. එලෙස එක් වන පරිශීලකයින්හට අපයෝජන, පුද්ගල සම්බන්ධතා ආශ්‍රිත ගැටලු, පවුල් සැලසුම් හා ලිංගික සෞඛ්‍යය ගැටලු ආදිය සම්බන්ධයෙන් මෙන්ම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදී සංවේදී කාරණා සම්බන්ධයෙන් ගැටලු පවතින අවස්ථාවක, අන්තර්ජාලය ඔස්සේ විශේෂඥ සහය ලබා ගැනීම සඳහා සුරක්ෂිත Public

අවකාශය මින් අඛණ්ඩව සලසයි. එමෙන්ම, මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරන ගැටලුවලට ඒ ඒ ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් විසින් පැය 48ක් ඇතුළත එම ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබාදීම ද විශේෂත්වයකි. වෙබ් අඩවිය සමඟින් සම්බන්ධ වී තමන්ගේ ගැටලු නිර්නාමිකව ඉදිරිපත් කිරීම සඳහා පරිශීලකයින්ට, සිය ජංගම දුරකතන අංකය සමඟින් එහි ලියාපදිංචි වී තමන්ගේම profile එක සහිත ගිණුමක් සකස් කර ගත යුතු වේ.

මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කොට යළි දියත් කිරීම පිළිබඳව, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේය. “යෙහෙළි මෙරට කාන්තාවන්ගේ ජීවිත අලෝකවත් කිරීමට සංවේදී මාතෘකා පිළිබඳ සාකච්ඡා කරමින්, ඒවා සම්බන්ධයෙන් මෙම සුරක්ෂිත වෙබ් අවකාශය තුළින් නිසි මඟපෙන්වීම් හා උපදෙස් ලබා දෙමින් අත්‍යවශ්‍ය සහය සලසනවා. අපි බරපතළ සමාජීය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අවස්ථාවක, මෙම වෙබ් අඩවිය මෙරට ආර්ථිකයට අත්වැලක් වීමට කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා කැප වන බව සඳහන් කළ යුතුයි. ඒ අනුව, වෙබ් අඩවිය

මෙලෙස නැවත දියත් කිරීම, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයන් භාවිත

වන සමාජයක් බවට පත් කිරීමේ අපගේ දැක්ම සම්බන්ධයෙන් සුවිශේෂී පියවරක්.”

යෙහෙළි වෙබ් අඩවිය සම්බන්ධ වැඩි විස්තර සඳහා www.yeheli.lk වෙත පිවිසෙන්න.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT