Home » මනමාල හැන්දෑව – 03 ජනවාරි 28 නෙළුම් පොකුණේදී…

මනමාල හැන්දෑව – 03 ජනවාරි 28 නෙළුම් පොකුණේදී…

by sachintha
January 26, 2024 12:17 am 0 comment

වසරක් පාසා ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් විසින් සිදු කරන මනමාල හැන්දෑව ප්‍රසංග මාලාවේ 03 ප්‍රසංගය 28 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මෙවර ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ වන්නේ, කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා, කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැකි සී. පී. ආර්. යන්ත්‍රයක් ලබාදීම වෙනුවෙනි. මනමාල හැන්දෑවට ප්‍රවීණ වාදන ශිල්පීන් 16 දෙනෙකු එක් වේ.

ප්‍රසංගය ගීත 30කට ආසන්න ප්‍රමාණයකින් වර්ණවත් කිරීමට නියමිතය. ඒ සඳහා ඉතාමත් ජනප්‍රිය ගීත සේම නව ගීත කිහිපයක් ද එක්කර ඇත. මෙම ප්‍රසංගයේදී නවක ගායන ශිල්පිනියක් හඳුන්වා දීම ද සිදු කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT