Home » ‘දුස්රා’ ඩකා උලෙළට

‘දුස්රා’ ඩකා උලෙළට

by sachintha
January 26, 2024 12:18 am 0 comment

චන්න දේශප්‍රිය දෙවන සිනමා නිර්මාණය වන ‘දුස්රා’ මෙම මස 20 වැනි දා සිට 28 දක්වා බංගලිදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන, 22 වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නියෝජනය කිරීමට අවස්ථාව හිමි කර ගෙන ඇත. මෙම උලෙළේදී රටවල් 70වක නිර්මාණය වූ චිත්‍රපට 250ක් පමණ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. මෙවර මෙම උලෙළේ තේමාව වී ඇත්තේ, වඩා හොඳ චිත්‍රපටය, වඩා හොඳ ප්‍රේක්ෂක පිරිසක් සහ යහපත් සමාජයක්Ó යන්නයි.

මාක් ටෙසිටර් හා ලක්ෂාන් අබේනායකගේ නිෂ්පාදනයක් වන අතර, තිර රචනය චන්න දේශප්‍රිය විසිනි. තිලක්ෂිණී රත්නායක, සජිත අනුත්තර, ලක්ෂාන් අබේනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩිලා සිල්වා, වසන්ති රංවල, රුවන් මදනායක හා නදීශානි පේළිආරච්චි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. කැමරා අධ්‍යක්ෂණය ධම්මික රත්නායක, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහ, සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි, අංග රචනයෙන් සමරසිරි කඳනගේ හා සහය අධ්‍යක්ෂණය දමින්ද ඩී මඩවලගෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT