Sunday, May 19, 2024
Home » සිහින කිසි­ක­ලෙක ඇත්ත නොවේ

සිහින කිසි­ක­ලෙක ඇත්ත නොවේ

by damith
May 6, 2024 1:05 am 0 comment

පුරාණ සංස්කෘත නාට්‍ය­කා­රයෝ සිය පෙළ සකස් කර ගැනීම සඳහා සූත්‍ර­යක් භාවිත කළහ. එය සඳ­හන් වන්නේ “ආර­ම්භය යත්න – ප්‍රාප්ත්‍යාශා” යන ශ්ලෝක­යෙ­හිය. 19 වන සිය­ව­සෙහි මුල් කාර්තුව තුළ දී ඉංග්‍රීසි නව­ක­තා­කා­ර­යන් ද සිය පිට­පත් රච­නය සඳහා එබඳු සූත්‍ර­යක් භාවිත කර ඇති බව පෙනෙයි. සංස්කෘත නාට්‍ය­කා­ර­යන්ට අවස්ථා පහක් තිබූ අතර ඉංග්‍රීසි නව­ක­තා­කා­ර­යන්ට ද අවස්ථා පහක් තිබිණි.

1. චරිත, පසු­බිම හා කාලය හඳුන්වා දීම.

2. ගැටු­මක් ආරම්භ වීම

3. ගැටුමේ වර්ධ­නය හා උප­රිම අව­ස්ථාව

4. කතාව අන් මඟ­කට යොමු කිරීම

5. ගැටලු නිරා­ක­ර­ණය හා කතා අව­සා­නය

මේ සූත්‍ර­ගත කිරීම අද වන විට වැඩි දෙන­කුගේ අව­ධා­න­යට ලක්වන්නේ නැති­වුව එය මුළු­ම­නින්ම ප්‍රති­ක්ෂේප වී නැත. පාඨ­ක­යෝද මේ සූත්‍ර­ගත කිරී­ම්ව­ලට පුරුදු වී සිටිති. මෙයින් කියැ­වෙන්නේ නව­ක­තාව පිළි­බඳ අලුත් අත්හදා බැලී­ම්ව­ලට ඉඩක් නැති බව නොවේ.

තරිඳු අමිල

තරිඳු අමිල

නව­ක­තාවේ අභි­ව­ර්ධ­නය සඳහා අලුත් පර්යේ­ෂණ, නව අත්හදා බැලීම්, අභි­නව ශිල්ප ධර්ම හා සංක­ල්පීය වශ­යෙන් ඇති කරනු ලබන වෙන­ස්වීම් ද පවත්වා ගත යුතුය. එබඳු දේවල් අමෙ­රි­කාව, ඉන්දි­යාව, ප්‍රංශය ඇතුළු රට­වල් ගණ­නා­වක සිදු වෙයි. අප්‍රි­කානු රට­වල ප්‍රබන්ධ කතා විෂ­යය ද පර්යේ­ෂණ ඔස්සේ වෙනස් වෙමින් පවතී. එය සාධ­නීය ලක්ෂ­ණ­යක් සේ සැල­කිය යුතුය.

විචා­රක අද­හ­ස්ව­ලට අනුව අපේ නව­ක­තාවේ දියු­ණුව සඳහා සාධක හත­රක් මූලික වශ­යෙන් ජය ගත යුතුය.

1. තරුණ පර­ම්ප­රාව ප්‍රබන්ධ කථා­වට ආක­ර්ෂ­ණය කර­ගත යුතුය.

2. රච­ක­යන් අලුත් අත්හදා බැලී­ම්ව­ලට යා යුතුය.

3. ලෝකයේ නව ප්‍රව­ණතා අධ්‍ය­ය­නය කළ යුතුය.

4. පාඨක සමා­ජයේ වින්දන රටා ශක්ති­මත් කළ යුතුය.

මේ සාධක හත­රම පිළි­ගත හැකිය. තරුණ පර­ම්පරා ප්‍රබන්ධ කථාව කෙරෙහි ආක­ර්ෂ­ණය කර ගැනීම යන්නෙන් කරුණු කිහි­ප­යක් අව­ධා­ර­ණය කෙරේ. එකක් නම්, තරුණ පාඨක සමාජ ව්‍යාප්ත විය යුතු බවය. තව එකක් නම්; තරුණ රච­ක­යන් බිහි­විය යුතු බවය. තව එකක් නම්; තරුණ පාඨක සමාජ අතර මේ පිළි­බඳ සංවා­ද­යක් ගොඩ­නැ­ඟිය යුතු බවය.

අද අපගේ විම­සු­මට ලක්වන සිංහල නව­ක­තාව පළ වී ඇත්තේ 2021 දීය. එය කතා­බ­හට සුදුසු එහෙත් අපට මග­හැ­රුණු ප්‍රබ­න්ධ­යක් යැයි අපට සිතේ. කර්තෘ තරිඳු අමිල තරුණ ලේඛ­ක­යෙකි. ඔහුගේ ප්‍රථම නව­ක­තාව මෙය වෙයි. “හීන මායිම” ලෙසින් ප්‍රබ­න්ධය හඳුන්වා ඇත. “හීන මායිම” යනු ජීවි­තය විග්‍රහ කර ගැනී­මට වෑයම් කරන අලුත් මාදි­ලියේ ප්‍රබ­න්ධ­යක් සේ හැඳි­න්විය හැකිය. එහි විශේ­ෂතා කිහි­ප­යකි.

1. පැහැ­දිලි කතා­ව­ස්තු­වක් නැත.

2. අවස්ථා නිරූ­ප­ණ­යෙන් පම­ණක් ප්‍රබ­න්ධ­යක් කීම

උත්සුක වෙයි.

3. කට­ව­හර රිද්ම­යා­නු­කූ­ලව භාවිත කිරී­මට වෑයම් කරයි.

4. සිදු­වීම් අතර තර්කා­නු­කූල සම්බ­න්ධ­යක් (ගැළ­පී­මක්) නැත.

කතා – වස්තු නිර්මා­ණය යනු කතාවේ ප්‍රධාන සිදු­වීම් එකට ගළපා පෙළ­ගැ­ස්වී­මය. කතා – වස්තු යන ශිල්ප ධර්මය සමඟ එකට යන තවත් ශිල්ප ධර්ම­යක් වන්නේ කතා – ව්‍යුහය නැත­හොත් කතා සැකිල්ල යන්නය. PLOT and STRUCTURE ප්ලොට් ඇන්ඩ් ස්ට්‍රක්චර් යන නම්ව­ලින් එය ඉංග්‍රී­සි­යෙන් හැඳින්වේ.

නව­ක­තාව සම්බ­න්ධ­යෙන් ප්‍රච­ලිත ශිල්ප ධර්ම කිහි­ප­යක් තිබේ.

1. කතා වස්තුව

2. අන්ත­ර්ග­තය

3. චරිත නිරූ­ප­ණය

4. සිද්ධි නිරූ­ප­ණය

5. දෘෂ්ටි කෝණය

6. පසු­බිම් නිරූ­ප­ණය

7. භාෂාව හා ශෛලිය

8. සංකේත භාවි­තය

9. උත්ප්‍රා­සය දැන­වීම

මේවා නව­ක­තා­වක් හඳුනා ගැනී­මට හා එය අධ්‍ය­ය­නය කිරී­මට පහසු සූත්‍ර­ගත කිරී­මක් මිස; නව­ක­තාව සම්බ­න්ධ­යෙන් වන දේව භාෂි­ත­යක් නොවේ. නව­ක­තා­වට පම­ණක් නොව කුමන නිර්මාණ විශේ­ෂ­ය­කට වුව නීති – පැන­විය නොහැ­කිය. සම්ප්‍ර­දාය පිටු දැක නව මාවත් සොයන නව­ක­තා­ක­රු­වන් නිසා ක්ෂේත්‍රය පුළුල් වෙයි. වෙන­සක් සිදු කිරීම කොහො­ම­ටත් වැද­ගත්ය. එහෙත් එම වෙනස රස වින්ද­න­යට බාධා­වක් නොවිය යුතු අතර මානව ගැළ­පිය යුතු බව ද ලේඛ­කයා සිහි තබා ගත යුතුය.

“මිනි­හෙ­කුට ජීවත් වෙන්න හීන­යක් ඕනෙ. බලා­පො­රො­ත්තු­වක් ඕනේ”

කර්තෘ තරිඳු අමිල සිය හැඳි­න්වී­මෙ­හිලා කියයි. එය නම් කර ඇත්තේ “කලින්ම ලියමි” යනු­වෙන්ය.

සිහින යනු රච­ක­ය­කුට හොඳ උපා­ය­මා­ර්ග­යකි. සිහි­න­ව­ලට සීමා – මායිම් නැත. නීති – රීති නැත. තර්ක නැත. එය ලේඛ­ක­ය­කුට සිය ලියැ­විල්ල සඳහා ලැබෙන අපූරු අව­කා­ශ­යකි. ඉන්ද්‍ර­ජා­ලික යථා­ර්ථ­වා­දය භාවිත කරන ප්‍රබන්ධ – කතා­ක­රු­වෝද සිහි­න­ව­ලින් හොඳ­හැටි ප්‍රයෝ­ජන ගනිති. එහෙත්, අමිල එවැ­න්න­කට යොමු නොවේ. ඔහු සිහි­න­ය­කින් කිසිදු ප්‍රයෝ­ජ­න­යක් ගන්නා බවක් පෙනෙ­න්නට නැත.

සම්භාව්‍ය ලේඛක – ලේඛි­කාවෝ රැසක් සිහින උපා­ය­මා­ර්ගය තෝරා­ගෙන අපූරු නව­කතා රචනා කළහ. ජෝර්ජ් ඕවල් පවා ඊට නිද­සුන් ලෙස දැක්විය හැකිය. ලෝක සංවා­ද­යට ලක් වූ “1984” ප්‍රබ­න්ධ­යන්ට නිද­සුන්ය. නූතන අමෙ­රි­කන් ප්‍රබන්ධ – කතා ක්ෂේත්‍රය තුළ සිහින පාද­ක­කොට ප්‍රබන්ධ ගෙතීමේ නව ප්‍රව­ණ­තා­වක් ද බිහි වී ඇත. එහෙත් ඒ සිහින ගැළ­පීම් වින්ද­න­යට බාධා­වක් නැත. ඒවා බොරු – මන­ස්ගාත ලෙස හැඟෙන්නේ නැත. කර්තෘ අමිල පළ­මුව සිහි­න­යක් ගැන කියන්නේ වුව එය හොඳින් නිරූ­ප­ණය කරන බවක් නොපෙනේ.

“ජීවි­තය කියන්නේ අපිට හැඟෙන අර පහ­ළට ගලා බසින ගංගාව වගේ. ගංගා­වක් දිග­ටම ගල­නවා. කිසි තැනක නතර වෙන්නෙ නැහැ.”

(පළමු පරි­ච්ඡේ­දයේ ආර­ම්භය)

“ජීවි­තය කියන්නේ අපි තාව­කා­ලි­කව අල්ල­ගත්ත දෙයක් විත­රයි. අපි ඒක අල්ග­න්නව වගේම අපිට ඒක අත­හ­රින්න දව­ස­කුත් එනවා”

(හය­වන පරි­ච්ඡේ­දය – ආර­ම්භය)

“මිරි­ඟු­වක් කියන්නෙ මායා­වක්. තවත් එක් රැව­ටී­මක් මිරි­ඟු­වක් හිතක් ඇතුළේ බලා­පො­රොත්තු ඇති කර­නවා.”

(හත්වන පරි­ච්ඡේ­දය – ආර­ම්භය)

“ජීවි­තය කියන්නෙ සට­හ­නක් නම්; ජීවි­ත­යේදී සිද්ධ වෙන්න තිබුණු සම­හර දේවල් අපට කපල දාන්ඩ තිබ්බා”

(අව­සන් දිග­හැ­රුම – ආර­ම්භය)

කතු­ව­රයා ජීවි­තය විග්‍රහ කිරීම සඳහා අතා­ර්තික උත්සා­හ­යක යෙදෙන බව පෙනෙයි. ඔහු තමා නව­ක­තා­වක් රචනා කරන බව අම­තක කරයි. කතු­ව­ර­යාගේ අව­ධා­නය සඳහා වැද­ගත් කරුණු කිහි­ප­යක් සඳ­හන් කළ යුතුය.

1. නව­ක­තාව යනු තමන් හිතන – හිතන දේවල් ලියා තැබීම නොවේ

2. නව­ක­තාව යනු ජීවි­තය පිට­පත් කිරීම ද නොවේ

3. ප්‍රබන්ධ කතා­වේදී වැද­ගත් වන්නේ නිරූ­ප­ණය මිස විග්‍රහ කිරීම නොවේ

4. ප්‍රබ­න්ධය සඳහා කට­ව­හර භාවිත කරන්නේ නම් එහි සජීවී බව හා රිද්මය ආරක්ෂා කර­ගත යුතුය.

කතු­ව­රයා සිය වෙන­ස්කම සිදු­කර ඇත්තේ අහේ­තු­කව හා හිතු­ව­ක්කාරී ලෙසය. ඒ නිසාම ඔහුගේ වෑයම ප්‍රති­ඵල විර­හිත බව පෙනී යයි. තරුණ පර­ම්ප­රාව සිංහල නව­ක­තාව තුළ වෙන­ස්කම් ඇති කිරී­මට උත්සුක වීම සාධ­නීය ලක්ෂ­ණ­යකි. එහෙත් එහි ප්‍රති­ඵ­ලය සාධ­නීය නොවන්නේ නම් පලක් නැත.

රන්ජන් අම­ර­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT