Sunday, May 19, 2024
Home » ආරු­ගම්බේ සංචා­රක හෝට­ල­යක බල­පත් නැතිව වැඩි මිලට මත්පැන් විකුණා අත්අ­ඩං­ගු­වට

ආරු­ගම්බේ සංචා­රක හෝට­ල­යක බල­පත් නැතිව වැඩි මිලට මත්පැන් විකුණා අත්අ­ඩං­ගු­වට

by damith
May 6, 2024 1:04 am 0 comment

ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ සංචා­රක හෝට­ල­යක රජයේ අනු­මත මත්පැන් වැඩි මිලට අලෙවි කර­මින් සිටි පුද්ග­ල­යකු මත්පැන් අලෙ­වි­යෙන් උප­යා­ගත් මුදල්ද සමඟ පොලිස් වි‍ශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­සක් විසින් පෙරේදා (4) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­ස­කට ලද තොර­තු­රක් මත පොතු­විල් පොලිස් වසමේ ආරු­ගම්බේ සංචා­රක හෝට­ල­යක වැට­ලී­මක් සිදු කර ඇති අතර, එහිදී ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ සංචා­රක හෝට­ල­යක නීති විරෝ­ධීව බල­ප­ත්‍රද නැතිව රජයේ අනු­මත මත්පැන් වන බියර් බෝතල් 31, බියර් කෑන් 73 ක් හා විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 56ක් සන්ත­කයේ තබා­ගෙන වැඩි මිලට අලෙවි කර­මින් සිටි පොතු­විල් ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු 28ක පුද්ග­ල­යකු මත්පැන් අලෙ­වි­යෙ­න්‍ ­උ­ප­යා­ගත් රු. 237,870.00ක මුද­ලක්ද සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­කරු වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා පොතු­විල් පොලිස් ස්ථාන­යට භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි.

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙ­යු­මට අදා­ළව විශේෂ කාර්ය බළ­කාය අණ දෙන නිල­ධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි අම්පාර කලා­පය භාර පොලිස් අධි­කාරී ගුණ­සිරි මහ­තාගේ මෙහෙ­ය­වීම මත, සහ­කාර පොලිස් අධි­කාරී රණ­සූ­රිය මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් විශේෂ කාර්ය බළකා ශාස්ත්‍ර­වෙල කඳ­වුරේ අණ දෙන නිල­ධාරි (පො.ප) එච්.ඒ.එම්. මධු­සංඛ ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මේ වැට­ලීම සිදු කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත, දිගා­ම­ඬුල්ල - වසන්ත චන්ද්‍ර­පාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT