Sunday, May 19, 2024
Home » ජන­තා­වට සිහි­න­යක් වූ ඉඩ­මක අයි­තිය උරු­ම­යෙන් සැබෑ වෙලා

ජන­තා­වට සිහි­න­යක් වූ ඉඩ­මක අයි­තිය උරු­ම­යෙන් සැබෑ වෙලා

මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන

by damith
May 6, 2024 1:04 am 0 comment

මේ රටේ ලක්ෂ විස්ස­කට අධික ජන­තා­ව­කට තම­න්ටම හිමි ඉඩ­මක් ලබා ගැනීම සිහි­න­යක්ව තිබූ බවත්, එය යථා­ර්ථ­යක් කර ගැනී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ක්‍රියා­ත්මක කළ ‘උරු­මය’ නම් ඔප්පු දීමේ වැඩ­ස­ට­හ­නෙන් හැකි වූ බවත් එක්සත් ජාතික පක්ෂයේ සභා­පති, මන්ත්‍රී වජිර අබේ­ව­ර්ධන මහතා පැවැ­සීය.

මන්ත්‍රී­ව­රයා මේ බව පැවැ­සුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­රයේ පැවති ගාල්ල දිස්ත්‍රි­ක්කයේ ඉඩ­ම්ලා­භීන්ට සින්න­ක්කර ඔප්පු දීමේ උත්සව සභාව අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා මෙලෙස ද කීවේය.

“මේ ඉඩම් ඔප්පු දීමේදී රාජ්‍ය යාන්ත්‍ර­ණය හරි­ය­ටම ක්‍රියා­ත්මක වන්නේ නම් මාස තුන­කින් මේ ලක්ෂ විස්ස­ටම ඔප්පු දී අව­සන් කරන්න පුළු­වන්. අපේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව ඉප­දුණු සෑම පුර­වැ­සි­ය­කු­ටම තමා කැමති තැනක පදිං­චිව සිටීමේ අයි­තිය තහ­වුරු කර දී තිබෙ­නවා. ඒත් එය සිය­වස් කිහි­ප­යක් පුරා ඉටු නොවුණු ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­ක­මක්. ජන­තා­වට මෙතෙක් අහි­මිව තිබූ මේ මූලික අයි­ති­වා­සි­කම රනිල් වික්‍ර­ම­සිංහ නම් ජාතික නාය­කයා දැන් ඉටු කර දෙනවා.

මෙරට ඉති­හා­සයේ මෙය ඉතා­මත් වැද­ගත් අව­ස්ථා­වක්. ඉඩ­මක අයි­තිය යම් කෙන­කුට දෙනවා කියන්නේ ඒ රටේ ආර්ථි­කය වේග­යෙන් විශාල පිම්මක් පනි­නවා කියන එකයි. මෙයින් සමස්ත ශ්‍රී ලාංකික ගොවි ජන­තා­ව­ගේත්, අනෙක් ඉඩම් අයිති ජන­තා­ව­ගේත් ජීවිත ආලෝ­ක­වත් වෙනවා පම­ණක් නොව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව පවා ශක්ති­මත් වෙනවා.

ගාල්ලේ බද්දේ­ගම උපන් සිරිල් ලෙනාඩ් වික්‍ර­ම­සිංහ මහතා යනු රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සීයා. එතුමා මෙරට පළමු ඉඩම් කොම­සා­රි­ස්ව­රයා වගේම මෙරට මුල්ම සිංහල දිසා­ප­ති­ව­රයා. එතුමා එම දිසා­පති තන­තුර දැරූ පොලො­න්න­රු­වෙන්ම එතු­මාගේ මුනු­පුරා වූ රනිල් වික්‍ර­ම­සිංහ මහතා අද මේ රටේ ජන­තා­වට මෙලෙස ස්ථිර ඉඩම් ඔප්පු දීම ආරම්භ කිරීම දෛවෝ­ප­ගත සිද්ධි­යක්.

මේ රටේ ඉඩ­ම්වල අයි­තිය මුලින්ම තිබුණේ රජ­යට. පසුව ඉඩම් පනත සංශෝ­ධ­නය කර­මින් දැන් ඉඩ­ම්වල අයි­තිය ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්ට දී තිබෙ­නවා. නමුත් මම කියන්නේ ඒ නීති­මය තත්ත්වය ද වෙනස් කර­මින් ඉඩම් පිළි­බඳ කරු­ණු­ව­ලදී අභි­යා­චනා විම­සීමේ අයි­තිය දිසා ලේක­ම්ව­රුන්ට හිමි වන පරිදි ඉඩම් ආඥා පනත යළි වෙනස් කිරී­මට පිය­වර ගත යුතුයි කිය­ලයි.”

මේ අව­ස්ථා­වට ඇමැති රමේෂ් පති­රණ, මන්ත්‍රී සම්පත් අතු­කෝ­රාල, ගාල්ල වැඩ බලන දිසා ලේකම් චාම් රාජ­ක­රුණා, අති­රේක ලේකම් (ඉඩම් ) අයේෂා කාරි­ය­ව­සම් යන මහත්ම මහ­ත්මීහු ද අද­හස් දැක්වූහ.

ගාල්ල දිසා සමූහ - නන්ද­සිරි වැලි­ග­මගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT