Home » යහළුවකු සමඟ මිදුලේ මැරතන් දිවු පොල්පිතිගම සිසුවා ඇදවැටී මරුට

යහළුවකු සමඟ මිදුලේ මැරතන් දිවු පොල්පිතිගම සිසුවා ඇදවැටී මරුට

by sachintha
May 7, 2024 1:59 am 0 comment

යහළුවකු සමඟ එක්ව මිදුල වටේ මැරතන් දුවමින් සිටි 17 හැවිරිදි පිරිමි දරුවකු දුවමින් සිටින අතරවාරයේදීම බිම ඇදවැටී ඉකුත්දා (04) මරණයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ පොල්පිතිගම පොලිස් වසමේ තලාකොළවැව, රැකැවුල ලිපිනයේ පදිංචිව සිටි ඒකනායක මුදියන්සේලාගේ රශ්මික තරිඳු නමැති (17) අයෙකි. ඉකුත්දා (04) පෙරවරුවේ තවත් මිතුරකු සමඟ මිදුල වටේ මැරතන් දිවීමේ තරගයක් පවතා තිබේ. ඒ අවස්ථාවේදී තම පියාට කතා කර කිලෝමීටර ගණනාවක් දිව්වා වගේ මහන්සියක් දැනෙනවා යැයි කියා පපුව අල්ලාගෙන බිම වාඩි වී ඇති බවත් එසැණින් ඔහු මරණයට පත්ව ඇති බවත් විමර්ශනවලදී හෙළිවූ බව පොල්පිතිගම පොලිසිය පවසයි. මරණයට හේතුව හෘදයාබාධයක් බවට සිද්ධිය පිළිබඳ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරුණු හෙළි වී ඇතැයි පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රබුද්ධ කුලතුංග මහතා පැවසීය.

දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ රශ්මික තරිඳුගේ අවසන් කටයුතු ඊයේ (06) පස්වරුවේ අතිවිශාල පිරිසකගේ සෝ සුසුම් මැද තලාකොළවැව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

පොල්පිතිගම – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT