Home » කොරතොට කෝටිපති ව්‍යාපාරිකයාගේ ගෙදරට ඩ්‍රෝන යවා වීඩියෝ කරලා
සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙසින්

කොරතොට කෝටිපති ව්‍යාපාරිකයාගේ ගෙදරට ඩ්‍රෝන යවා වීඩියෝ කරලා

-කළිනුත් මල් වඩම් තබා පෙට්‍රල් බෝම්බ ගහලා

by sachintha
May 7, 2024 2:00 am 0 comment

සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය කියයි.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන යමත් සපුගේ මනෝජ් මුතු කුමාරණ නොහොත් ‘මුතු’ නමැත්තාගේ උපදෙස් මත මීට මාස කිහිපයකට ඉහතදී මෙම ව්‍යාපාරිකයාගේ නිවෙස ඉදිරිපිට මල් වඩමක් තබා තිබූ අතර, ඊට දින කිහිපයකට පසු නිවෙස වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිසිය සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයන් කිහිප දෙනකු ද අත්අඩංගුවට ගත්තේය. ඉකුත් 3 වෙනි දින ව්‍යාපාරිකයා නිවෙසේ රැඳී සිටි අවස්ථාවේදී නිවෙසේ වහලයට ඉහළින් හෙලිකොප්ටරයක ශබ්දයක් ඇසුණු බවත්, එම අවස්ථාවේදී අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරියා හා පෞද්ගලික ආරක්ෂකයා මිදුලට බැස බැලීමේදී නිවෙසට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් තිබූ බව දැක ඇති බවත් පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

තවද ඉකුත් මස 30 හා මෙම මස 1 සහ 2 යන දිනයන් තුළදී තම නිවෙසේ සිට කිලෝමීටර් එකක පමණ දුරකින් පිහිටි මිතුරකුගේ නිවෙසට ඉහළින් ද ඩ්‍රෝන කැමරා මගින් වීඩියෝ ලබාගෙන ඇති බවත් වැඩිදුරටත් පැමිණිලි කර ඇත.

නවගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT