Home » විභාගයට ආශීර්වාද ගන්න දේවස්ථානයට ගිය බළන්ගොඩ සිසුවා මරුට 

විභාගයට ආශීර්වාද ගන්න දේවස්ථානයට ගිය බළන්ගොඩ සිසුවා මරුට 

by sachintha
May 7, 2024 2:00 am 0 comment

මියගිය හරිනාත්

අ.පො.ස. සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට පෙර ආශීර්වාද ලබා ගැනීම සඳහා පවත්වන පූජාවකට ගොස් සිටි මාරතැන්න දෙතනගල දෙමළ පාසලේ දරුවකු හින්දු දේවස්ථානයේදීම ක්ලාන්තය සෑදීමෙන් ඇදවැටී ඊයේ (06) පෙරවරුවේ මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ බළන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි හරිනාත් රංජිත් කුමාර නමැති දරුවකු බව පොලිසිය පැවැසීය. ඊයේ (06) විභාගය පැවැත්වීමට පෙර මෙම සිසුවා පින්නවල මාරතැන්න හින්දු දේවස්ථානයකට ගොස් ඇත්තේ ආශීර්වාද ලබා ගැනීමටය. එහිදී ඔහුට ක්ලාන්තය සෑදී ඇදවැටී තිබෙන අතර පසුව බළන්ගොඩ මාරතැන්න වතු රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවට වාර්තා වේ. හෘදයාබාධයකට ලක්වීමෙන් මෙම සිසුවා මිය යන්නට ඇතැයි විශ්වාස කරන අතර මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඒ ගැන නිගමනය කළ හැකි බව ද පොලිසිය පැවැසීය. පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේදී සිදු කරන බව හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක මහතා පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදේෂ් නාලක මහතාගේ උපදෙස් පරිදි මිල්ලගහගොඩ (60507) යන නිලධාරියා විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

කහවත්ත – නිරෝෂණ පෙරේරා, බළන්ගොඩ විශේෂ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT