Home » අපේක්ෂා රෝහලට මත්තේගොඩින් රුධිර දානයක්

අපේක්ෂා රෝහලට මත්තේගොඩින් රුධිර දානයක්

by sachintha
May 7, 2024 1:59 am 0 comment

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට පරිත්‍යාග කිරීම සඳහා සංවිධානය කළ ලේ දන්දීමේ පින්කමක් මත්තේගොඩ බෞද්ධ මන්දිර ශාලාවේදී ඉකුත්දා පැවැත්වුණි.
මත්තේගොඩ මධ්‍යම “ඒ” හා මත්තේගොඩ මධ්‍යම “බී” ග්‍රාම සේවා වසම් දෙකෙහි ප්‍රජා පොලිස් කමිටු මඟින් මෙම
ලේ දන්දීමේ පින්කම සංවිධානය කර තිබුණි.
මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ප්‍රසාද් ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන මහරගම අපේක්ෂා රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය නිලධාරී සංජය මුදලිගේ හා එම රෝහලේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීප්ත පෙරේරා යන නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබීය.
මෙම අවස්ථාවට මත්තේගොඩ මධ්‍යම “ඒ” හා මත්තේගොඩ මධ්‍යම “බී” ග්‍රාම සේවා වසම් දෙකෙහි ප්‍රජා පොලිස් කමිටු සාමාජික සාමාජිකාවන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT