Home » දින 30ක වීසාවකට අය කළ ඩොලර් 50ක ගාස්තුව එලෙසම

දින 30ක වීසාවකට අය කළ ඩොලර් 50ක ගාස්තුව එලෙසම

-රටවල් 7කට තවදුරටත් නොමිලේ වීසා

by sachintha
May 7, 2024 1:05 am 0 comment

විදේශිකයන් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යෑමට රජය තීරණය කරයි.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් තීරණය කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

එසේම මෙරටට විදේශිකයකු ඇතුළුවීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT