Home » බණ්ඩි පොහොර මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීම අද සිට

බණ්ඩි පොහොර මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීම අද සිට

by sachintha
May 7, 2024 1:04 am 0 comment

යල කන්නයේ පොහොර සහනාධාරය සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන ගොවි ගිණුම්වලට බැර කිරීම අද (07) සිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරේ. මෙම පොහොර සහනාධාරය බණ්ඩි (MOP) පොහොර මිල දී ගැනීම ඉලක්ක කරමින් ලබා දීමට තීරණය කර තිබේ. දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතය. වී වගාවට බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්‍රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබිණි. විශේෂයෙන් වී කරල් ශක්තිමත් වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණ වීම සඳහා MOP පොහොර භාවිත කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. නමුත් පසුගිය මහ කන්නයේදී MOP පොහොර භාවිතය අඩු වී තිබේ.

බුද්ධිකා ඉඹුලාන‍‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT