Home » රහස් පෙදෙසේ ක්‍රිකට් පන්දුව වැදී පුංචි ක්‍රීඩකයා මියයයි

රහස් පෙදෙසේ ක්‍රිකට් පන්දුව වැදී පුංචි ක්‍රීඩකයා මියයයි

by sachintha
May 7, 2024 1:07 am 0 comment

 

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි පිරිමි ළමයකුගේ රහස් ප්‍රදේශයේ පන්දුව වැදීමෙන් එම ස්ථානයේදීම එම 11 හැවිරිදි දරුවා ඊයේ මිය ගියේය. සූර්යා නොහොත් සම්බු කාලිදාස් නම් වූ මෙම පුංචි ක්‍රිකට් ක්‍රීඩකයා මියයන සිද්ධිය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

සූර්යා පන්දු යවමින් සිටියදී පිතිකරුගේ පන්දුව කෙළින්ම ඔහු දෙසට පැමිණ ඇත. එම පන්දුව පුංචි සූර්යාගේ රහස් ප්‍රදේශයේ වැදී එවලේම ඔහු බිම ඇද වැටුණු බව වීඩියෝවේ දැක්වේ.

ඔහුගේ මිතුරන් වහා ඔහු පණ ගැන්වීමට උත්සාහ කළද, පසුව අසල පිහිටි පෞද්ගලික රෝහලකට රැගෙන ගියේය. එහිදී වෛද්‍යවරුන් ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හදිසි මරණයක් සම්බන්ධ නඩුවක් ලියාපදිංචි කර විමර්ශන ආරම්භ කර තිබේ. සූර්යාගේ මරණය සම්බන්ධයෙන් පවුලේ උදවිය පැවසුවේ ‘පුතා ක්‍රිකට් ක්‍රීඩාවට ආසා කළා. ඔහු නිතරම කීවේ ඉගෙනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනඟා ගන්නා බවයි. ඒ නිසා අපි ඔහුගේ කැමැත්තට බාධා කළේ නැහැ. ඕන වෙලාවට එයා සෙල්ලම් කරන්න යනවා. එයාට එපා කීමෙන් වැඩක් නැහැ. ඒත් අපි කවදාවත් හිතුවේ නැහැ මේ ක්‍රිකට් පන්දුව ඔහුගේ වෙලාව වෙයි කියලා“ මව්පියෝ මාධ්‍යයට පැවැසූහ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT