Home » නාලන්දා විදුහලට වෝටර්පෝලෝ ශූරතා

නාලන්දා විදුහලට වෝටර්පෝලෝ ශූරතා

by sachintha
May 7, 2024 1:09 am 0 comment

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ අන්තර් පාසල් 11න් පහල වෝටර්පෝලෝ ශූරතාව දිනාගැනීමට නාලන්දා විද්‍යාලයීය 11න් පහළ කණ්ඩායම සමත් විය. ප්‍රබල රාජකීය සහ සාන්ත තෝමස් ඇතුළු කණ්ඩායම් පහක් පරදවා නාලන්දීයයන් ඔවුන් ක්‍රීඩා කළ තරග පහම ජයග්‍රහණය කරමින් දස්කම් දැක්වූහ.
රටපුරා ප්‍රමුඛ පෙළේ පාසල්වල සහභාගිත්වයෙන් පසුගියදා රාජකීය විද්‍යාලීය පිහිනුම් සංකීර්ණයේදී මෙම තරගාවලිය පැවැත්විණි. නාලන්දීයයෝ 11න් පහළ ශූරතාවට අමතරව 9න් පහළ සහ 15න් පහළ ශූරතා දිනාගැනීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT