Home » කතරගම පුදබිමේ පොලිස් මුරපොළවල පහසුකම් නෑ

කතරගම පුදබිමේ පොලිස් මුරපොළවල පහසුකම් නෑ

by sachintha
May 7, 2024 1:10 am 0 comment

කතරගම පුදබිම ආරක්ෂාවට යොදවා ඇති පොලිස් මුරපොළවල කිසිඳු යටිතල පහසුකමක් නොමැති බව මෙම ස්ථානවල සේවය කරන නිලධාරීහු මැසිවිලි නගති.
නාගහාවීදිය, කිරිවෙහෙර අබියස වනජීවි මුරපොළ අංක 03 යන පාලම අසල ඇති මෙම මුරපොළවල සේවය කරන නිලධාරියකුට ආහාරයක් ගැනීමට පවා පහසුකම් නොමැති අතර අත්‍යවශ්‍ය ජලය පවා නොමැති බව පොලිස් නිලධාරීහු සඳහන් කරති.
විදුලිය පවා ඇතැම් මුරකුටි තුළ නොමැතිව මෙහි නිලධාරීන් පීඩා විඳින අතර අත්‍යවශ්‍ය ජලය සහ වැසිකිළි පහසුකම් ද නොමැති බව එක් පොලිස් නිලධාරියකු කියා සිටියේය.
පූජා භූමියට යන එන රථ වාහන පරික්ෂා කිරීම ඇතුළු රාජකාරි රැසක් ඉටු කරන මෙම නිලධාරීන් රාත්‍රි කාලයේ දී අන්ධකාරයේ සිටිමින් සිය රාජකාරි ඉටු කරති.
මේ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් වෙත දැනුම්වත් කිරීම් සිදු කළත් එය බීරි අලින්ට වීණා වැයුවාක් වැනි යැයි පොලිස් නිලධාරීහු කියා සිටියහ.
කතරගම කේ.ඩී. දේවප්‍රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT