Sunday, May 19, 2024
Home » කන්ද­බඩ පත්තුව බැබ­ළවූ වැලි­හේනේ සාරා­නන්ද නාහි­මියෝ

කන්ද­බඩ පත්තුව බැබ­ළවූ වැලි­හේනේ සාරා­නන්ද නාහි­මියෝ

by damith
May 6, 2024 1:03 am 0 comment

අප­වත් වී වදාළ වැලි­හේනේ සාරා­නන්ද නාහි­මි­යන්ගේ ආදා­හන පූජෝ­ත්ස­වය අද (06) පැවැත්වේ. මේ උන් වහන්සේ පිළි­බඳ ගුණා­නු­ස්ම­රණ ලිපි­යකි.

පල්ලා­වෙල කීර්ති ශ්‍රී තේජෝ­ව­රා­රාම රාජ­මහා විහා­රා­ධි­පති ශාස්ත්‍ර­වේදී වැලි­හේනේ සාරා­නන්ද ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ “කීර්ති ශ්‍රී තේජෝ­වර සිරි­නි­වා­සා­භි­ධාන” ගෞරව නාම සම්මු­තිය සහි­තව මාතර කන්ද­බ­ඩ­ප­ත්තුවේ ප්‍රධාන සංඝ නායක පද­විය දර­මින් විශාල ශාස­නික මෙහෙ­යක යෙදෙ­මින් වැඩ­සි­ටි­යදී අප­වත් වීම ශාස­නික වශ­යෙන් සිදු වූ මහත් පාඩු­වකි. ඒ පිළි­බඳ අපගේ බල­වත් සංවේ­ගය පළ­මු­වෙන්ම පළ කරනු කැමැ­ත්තෙමු.

හක්මණ මැති­ව­රණ කොට්ඨා­ස­යෙහි මුල­ටි­යන ප්‍රාදේ­ශීය ලේකම් බල­ප්‍ර­දේ­ශ­යට අයත් කීර්ති ශ්‍රී තේජෝ­ව­රා­රාම රාජ­මහා විහා­ර­ස්ථා­න­යෙහි සෞභා­ග්‍ය­වත් කාල­යක් ලෙස කීර්ති ශ්‍රී ධම්ම­දස්සි කැටි­යපේ සංඝා­නන්ද නාහි­මි­යන්ගේ පාලන සමය පිළි­බඳ සඳ­හන් කළ හැකිය. ඉන් අන­තු­රුව කීර්ති ශ්‍රී සංඝා­නන්ද, රන්සෑ­ගොඩ සර­ණ­තිස්ස නාහි­මි­යන් පිළි­බඳ සඳ­හන් කළ යුතු වන්නේ මෙම සම්භා­ව­නීය ස්ථාන­යෙහි ශ්‍රී සංඝා­නන්ද නමින් පිරි­වෙ­නක් ආරම්භ කිරීම පිළි­බ­ඳ­වය. එහි පරි­වේ­ණා­ධි­පති හිමි­ව­රුන් ලෙස කට­යුතු කළ මාලි­ම්බඩ චන්ද­ර­තන, පල්ලා­වෙල ධම්මා­වාස යන හිමි­ව­රුන් සහ අප­වත් වී වදාළ කළු­ගල පුරාණ විහා­රා­ධි­ප­තිව වැඩ­සිටි දෙයි­ය­න්දර ඉන්ද­සාර හිමි­යන් ද එහි ආචා­ර්ය­ව­ර­යන් වහන්සේ නමක් වූ බව අපේ මත­ක­යෙහි රැඳී ඇත. එදා එම පිරි­වෙ­නින් මූලික අධ්‍යා­ප­නය ලබන ලද අය වශ­යෙන් අපත් දෙණ­ගම සාරා­නන්ද, දෙණ­ගම ඤාණින්ද, අත­පත්තු කන්දේ ධම්ම­ර­තන යන හිමි­වරු වර්ත­මා­න­යෙහි බොහෝ ශාස­නික සේවා­වන්හි නිර­තව ක්‍රියා­ක­රන සජීවී භික්ෂූන් පිරි­සක් වේ. පල්ලා­වෙල කීර්ති ශ්‍රී තේජෝ­ව­රා­රාම රාජ­මහා විහා­ර­යෙහි පැවැති සෞභා­ග්‍ය­වත් කාල­සී­මාව නොසිතූ ලෙස බිඳ වැටී­මෙන් පසු උදා වූ පරි­හානි දායක තත්ත්ව­යෙන් මුදා ගැනීම සඳහා මහත් මෙහෙ­යක් සිදු කළ මහ­තෙ­රුන් වහන්සේ නමක ලෙස අප­වත් වී වදාළ කීර්ති ශ්‍රී තේජෝ­වර විචි­ත්‍ර­භාණි පල්ලා­වෙල සිරි­නි­වාස නාහි­මි­යන් වහන්සේ පිළි­බඳ සඳ­හන් කළ හැකි අතර වර්ත­මාන දියු­ණු­වෙහි සමා­ර­ම්භය ඇති කරන ලද්දේ ද උන් වහන්සේ විසිනි.

එහි සුවි­ශේෂ කාර්ය­යක් ලෙස මෙම පෞරා­ණික ස්ථානය සඳහා උචිත ශිෂ්‍ය පර­පු­රක් ඇති කිරීමේ තීර­ණ­යට උන් වහන්සේ එළ­ඹියේ මතු නොව ඒ සඳහා අකු­රැස්ස, වැලි­හේන නම් වූ, ග්‍රාම­ව­ර­යෙන් පින්වත් කුල කුම­රු­වකු කැඳවා ගැනීම ද සිදු කරන ලදි. 1955 ඔක්තෝ­බර් 17 වැනි දිනය උප­න්දි­නය ලෙස සඳ­හන් වූ හෙතෙම පැවිදි දිවි­යට එළ­ඹියේ දෙණ­ගම අර­ඹේ­ගොඩ පුරාණ විහා­රා­ධි­ප­තිව වැඩ­සිට අප­වත් වී වදාළ සම්භා­ව­නීය මහ­තෙර නමක් වූ ගල­හි­ටියේ ධම්මා­ධාර නාහි­මි­පා­ණන් වහ­න්සේගේ උපා­ධ්‍යා­ය­ත්ව­යෙන් වනවා මතු­නොව උන් වහන්සේ අපගේ පැවි­ද්දෙහි ද උපා­ධ්‍ය­යන් වහන්සේ වූ බව කෘත­වේ­දීව සිහි­පත් කළ යුතුව ඇත. දෙන­ගම, අර­ඹේ­ගොඩ පුරාණ විහා­ර­යත් පල්ලා­වෙල කීර්ති ශ්‍රී තේජෝ­ව­රා­රා­ම­යත් එකම විහාර ගණයේ විහා­ර­ස්ථා­න­යන් වීම නිසා පල්ලා­වෙල සිරි­නි­වාස නාහි­මි­යන්ගේ ආචා­ර්ය­ත්ව­යෙන් අර­ඹේ­ගොඩ විහා­ර­ස්ථා­න­යෙහි සිදු­කෙ­රුණු පැවිදි පින්ක­මින් පසු වැලි­හේනේ සාරා­නන්ද යන නමින් හඳු­න්වන ලදි. අන­තු­රුව ගුරු ඇසු­රෙන් මූලික ආරා­මික අධ්‍යා­ප­නය සමඟ භික්ෂූ ආකල්ප මැන­වින් සපු­රා­ගත් වැලි­හේනේ සාරා­නන්ද සාම­ණේර නම මූලික පිරි­වෙන් අධ්‍යා­ප­නය සඳහා ඇතු­ළත් කොට ඇත්තේ අකු­රැස්ස, බෝපා­ගොඩ ශ්‍රී පර­මා­නන්ද පිරි­වෙ­න­ටය. අන­තු­රුව ද්විතී­යික පිරි­වෙන් අධ්‍යා­ප­නය සඳහා මාතර මහා මන්තින්ද පිරි­වෙන් විද්‍යා­ය­ත­න­යට ඇතුළු වූ වැලි­හේනේ සාරා­නන්ද හිමි­යන් එහිදී ඉතා මැන­වින් ඉගෙ­නුම් ක්‍රියා­ව­ලි­යෙහි නිරත වූයේ මතු නොව 1979 වර්ෂ­යේදී පල්ලා­වෙල සිරි­නි­වාස නාහි­මි­යන්ගේ ආචා­ර්ය­ත්ව­යෙන් යුතුව මහ­නු­වර මල්වතු මහා විහා­රීය මංගල උපෝ­ස­ථා­ගා­ර­යේදී උතුම් උප­ස­ම්පදා ශීල­යෙහි ද පිහි­ටන ලදි. අන­තු­රුව උපා­ධි­ධාරී භික්ෂු­වක්ව එම ආය­ත­න­යෙහි ආචා­ර්ය­ව­ර­යන් වහන්සේ නමක ලෙස පිරි­වෙන් ගුරු සේව­යට එක්වීමේ භාග්‍යය ද ලදහ.

පරි­වේ­ණා­චාර්ය හිමි­න­මක ලෙස 1986 වර්ෂයේ සිට වසර 28ක් පිරි­වෙන් අධ්‍යා­ප­නය සඳහා කැප­වන ලද උන් වහන්සේ නියෝජ්‍ය පරි­වේ­ණා­ධි­ප­තීන් වහන්සේ නමක ලෙස විශ්‍රා­මික වූයේ මතු නොව මෙම කාල පරා­සය තුළ රෝගී තත්ත්වයේ පසු වූ තම ගුරු­දේ­ව­යන් වහන්සේ රැක බලා ගැනීම ද සිදු කළ අයුරු ප්‍රශං­ස­නීය වේ. ගුරු දේව­යන් වහ­න්සේගේ අප­වත් වීම 1995 වර්ෂ­යේදී සිදු­වූ­යෙන් වැලි­හේනේ සාරා­නන්ද හිමි­යන් මෙම පෞරා­ණික රාජ­මහා විහා­ර­යෙහි විහා­රා­ධි­පති පද­වි­යට පත්වන අතර කාල­යක් මුළුල්ලේ ලබන ලද පූර්ව අත්දැ­කී­ම්ව­ලින් සාර්ථක විහා­රා­ධි­ප­තීන් වහන්සේ නමක ලෙස ක්‍රියා කිරී­මට මූලික හේතු­වක් වූ බව සඳ­හන් කළ යුතුය. මේ අනුව විවිධ හේතූන් මත අව­ග­ම­න­ය­කට ලක්ව තිබූ පල්ලා­වෙල රාජ­මහා විහා­රය උන් වහන්සේ විසින් ප්‍රග­ම­න­ය­කට ලක් කරනු ලැබූහ.

වැලි­හේනේ සාරා­නන්ද නාහි­මි­යන්ගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් යුතුව ඉදි­ක­ර­වන ලද දැකු­ම්කලු ධාතු මන්දි­රය සහ නව බුද්ධ මන්දි­රය මෙන්ම පුරාණ විහාර මන්දි­රය හා සෑර­දුන් ප්‍රති­සං­ස්ක­ර­ණය කර­වීම ද මතු­නොව විහා­ර­ස්ථා­න­යෙහි නොයෙක් අලු­ත්වැ­ඩි­යා­වන් කර­ව­මින් මෙහි සම්භා­ව­නි­ය­ත්වය රැකෙන අයු­රින් ආරක්ෂා කිරීම විහා­රා­ධි­ප­තීන් වහන්සේ ලෙස වැලි­හේනේ සාරා­නන්ද නාහි­මි­යන් සිදු­කර ඇති ආකා­රය අගය කළ යුතුව තිබේ. එමෙන්ම විහා­ර­ස්ථා­න­යක ඇති අගය වශ­යෙන් සැල­කෙන ඉති­රිව ඇති පෞරා­ණික භාණ්ඩ සුර­ක්ෂිත කොට ඇත්තේ මතු නොව දායක දායි­කා­වන්ගේ සහ­ස­ම්බ­න්ධතා පුළුල් වන දහම් පාසල හා විවිධ සමිති සංවි­ධා­න­යන් ද උන් වහ­න්සේගේ අධී­ක්ෂ­ණ­යෙන් යුතුව පව­ත්වා­ගෙන යන අයුරු ප්‍රශං­ස­නීය වේ.

ප්‍රදේ­ශ­වාසී පැවිදි ගිහි දෙපා­ර්ශ්වය අතර ප්‍රිය­ශීලී භික්ෂු­වක් වූ උන් වහ­න්සේගේ මෙම ශාස­නික සේවා­වන් අගය කර­මින් අපේ මල්වතු මහා විහා­රය මඟින් උන් වහන්සේ කීර්ති ශ්‍රී තේජෝ­වර සිරි­නි­වා­සා­භි­ධාන ගෞරව නාම සම්මු­තිය සහි­තව මාතර කන්ද­බ­ඩ­ප­ත්තුවේ ප්‍රධාන සංඝ­නා­යක පද­වි­යට පත්කි­රීම උන් වහ­න්සේගේ උදාර ශාස­නික සේවාව තවත් පුළුල්ව සිදු කිරීම සඳහා ශක්ති­යක් විය. අප­වත් වී වදාළ වැලි­හේනේ සාරා­නන්ද නායක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ ආදා­හන පූජෝ­ත්ස­වය අද (06) විහා­රස්ථ ආදා­හන මළු­වේදී සිදු කිරී­මට නිය­මි­තව ඇති අතර උන් වහ­න්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

දක්ෂිණ ලංකාවේ සමථ බල­ස­ම්පන්න ප්‍රධාන අධි­ක­රණ සංඝ­නා­යක,
කොළඹ ආනන්ද විද්‍යා­ල­යෙහි විශ්‍රා­මික සහ­කාර විදු­හ­ල්පති,
අත­ප­ත්තු­කන්දේ ආනන්ද නාහිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT