Home » පාණ­දුරේ සංගී­ත­ය­කදී කතා­බහ දුර­දිග ගිහින් 17 තරු­ණයා මරුට

පාණ­දුරේ සංගී­ත­ය­කදී කතා­බහ දුර­දිග ගිහින් 17 තරු­ණයා මරුට

by damith
May 6, 2024 1:03 am 0 comment
crime news Srilanka

පාණ­දුර, පරත්ත ප්‍රදේ­ශයේ සංගීත සංද­ර්ශ­න­යක් අත­ර­තුර සිදු වූ කතා­බ­හක් දුර­දිග ගොස් පුද්ග­ල­යකු විසින් තියුණු ආයු­ධ­ය­කින් ඇන 17 හැවි­රිදි තරු­ණ­යකු ඝාත­නය කර ඇතැයි පාණ­දුර උතුර පොලි­සිය පව­සයි.

පාණ­දුර, පරත්ත, රිව්දෙ­ව්ගම ප්‍රජා ශාලාව අසල පෙරේදා (04) රාත්‍රියේ පැවැති සංගීත සංද­ර්ශ­නය නැර­ඹී­මට පැමිණි මෙම තරු­ණයා තවත් තරු­ණ­යකු සමඟ ඇති වූ කතා­බ­හත් දුර­දිග ගොස් රාත්‍රී 1.30ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇතැයි පොලි­සිය පව­සයි.

තුවාල ලැබූ තරු­ණයා පාන­දුර මූලික රෝහ­ලට ඇතු­ළත් කිරී­මෙන් පසු මිය­ගොස් ඇති අතර සැක­කරු ඝාත­න­යට යොදා­ගත් පිහිය ද සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පරත්ත ප්‍රදේ­ශ­යෙන් පදිංචි 21 හැවි­රිදි තරු­ණ­යෙකි.

සිද්ධිය පිළි­බඳ ඉදිරි විම­ර්ශන පාණ­දුර උතුර පොලි­සිය පව­ත්වයි.

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT