Friday, May 17, 2024
Home » ජීව අත්බෝම්බයක් එක්ක ඇල්ලූ හිටපු යුද සෙබළා 19දා තෙක් රිමාන්ඩ්

ජීව අත්බෝම්බයක් එක්ක ඇල්ලූ හිටපු යුද සෙබළා 19දා තෙක් රිමාන්ඩ්

by sachintha
February 7, 2024 1:36 am 0 comment

මොරවැව පොලිස් වසමට අයත් මහදිවුල්වැව, ස්වර්ණ ජයන්ති මාවතේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා ⁣සෙබළකු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඉස්මයිල් පයාස් රසාක් මහතා පොලිසියට නි⁣යෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත වූයේ මොරවැව, මහදිවුල්වැව එක පියවර පදිංචි අයෙකි. 2017 වසරේ යුද හමුදා සක්‍රීය සේවය් යෙදී සිටියදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිට ⁣පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් සේව⁣යෙන් පහ කළ අයකු බවද පොලිසිය කීය. සැකකරුට මෙම ජීව අත් බෝම්බය ලැබුණු ආකාරය සොයා පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT