Home » හලාවත ධීවර තොටුපොළක ගින්නකින් බෝට්ටු දෙකක් අළු

හලාවත ධීවර තොටුපොළක ගින්නකින් බෝට්ටු දෙකක් අළු

by sachintha
February 12, 2024 1:41 am 0 comment

හලාවත, වැල්ල ගම්මානයේ ධීවර තොටුපොළක සිදු වූ ගින්නකින් බෝට්ටු දෙකකට බරපතළ හානි සිදුවී තිබේ. පසුගිය 09 වැනි දින පස්වරුවේ මේ සිදුවීම සිදුවී ඇති අතර ගින්න හට ගත් අවස්ථාවේ ඒ ආසන්නයේ ධීවරයන් පිරිසක් සිටීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකිව තිබේ. එම අවස්ථාවේ ධීවර තොටුපොළේ ධීවර යාත්‍රා පනහකට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

තම ධීවර යාත්‍රා විනාශ වී ඇති බව යාත්‍රා හිමිකරුවන් දැනගෙන තිබෙන්නේ පෙරේදා (10) අලුයම බව වාර්තා වේ. ඉන් පසුව යාත්‍රා හිමිකරුවෙක් හලාවත පොලිසියට පැමිණිලි කර තිබේ. ගින්න හේතුවෙන් සිදු වූ අලාභය පෙරේදා (10) පස්වරුව වන විටත් තක්සේරු කර නොතිබූ අතර මේ සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

පුත්තලම දිසා සමූහ

ප්‍රසාද් පූර්ණමාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT