Saturday, May 11, 2024
Home » මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන අලුත්ම කැබිනට් තීරණය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන අලුත්ම කැබිනට් තීරණය

by chanaka
February 13, 2024 1:00 pm 0 comment

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබද පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදුව, මේ වන විට ඒම පනතේ විධිවිධාන ක්‍රියාත්මකව පවති.

එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධන යෝජනා එකී පනත් කෙටුම්පතට හඳුන්වා දීමට හැකි වී නොමැත.

එබැවින් අදාළ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබූ ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමග තවදුරටත් සාකච්ඡා කර හඳුනාගනු ලැබ ඇති ‌සංශෝධන මත පදනම්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධන කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT