Tuesday, May 14, 2024
Home » CIDය ඩුබායිවල හිටපු කුඩු සලිඳු‌ගේ ප්‍රධාන ගෝලයාව ලංකාවට අරගෙන එයි

CIDය ඩුබායිවල හිටපු කුඩු සලිඳු‌ගේ ප්‍රධාන ගෝලයාව ලංකාවට අරගෙන එයි

by chanaka
February 15, 2024 7:47 am 0 comment

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

ඩුබායි හි සැඟවී සිටි අපරාධ කල්ලි සාමාජික පියුම් හස්තික නමැති සැකකරු අද (15) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

සංචාරයක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නදුන් චින්තක හෙවත් හරක් කටා සහ ඔහුගේ කුප්‍රකට සගයකු වන සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් 2023 මාර්තු 11 වැනිදා මැඩගස්කරය බලා පිටත්ව ගියේය.

අනතුරුව එම නිලධාරීන් මාර්තු 15 වැනිදා ‘කුඩු සලිඳු’ නැමැති කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ නැවත ශ්‍රී ලංකාවට පැමිණ, ඔවුන් දෙදෙනා දින 90 ක් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ නියෝගයක් ලබා ගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT