දරුවන්ට එරෙහිව හිංසනය පිළිබඳ සදාචාරාත්මක වාර්තාකරණය යන මැයෙන් මාධ්‍යවේදීන් උදෙසා වූ තෙදින නේවාසික වැඩමුළුවක් පෙරේදා (13) සිට කොළඹ 7, විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී ආරම්භ විය.
මේ සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 24ක විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් 40ක් සහභාගී වූ අතර, එහිදී ළමා අයිතිවාසිකම්, ළමා අපචාර හා ළමා ආරක්ෂාව පිළිබඳ නීති, අපචාර හා ළමා ශ්‍රමය සූරාකෑම පිළිබඳ මාධ්‍යයේ බලපෑම සහ නව මාධ්‍යයේ වගකීම කෙසේද යනාදී වශයෙන් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දැනුම්වත් කෙරේ.
එසේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද, මාධ්‍ය තුළ ළමුන්ට ඉඩකඩ තිබිය යුතු අතර, විද්‍යුත් මාධ්‍ය තුළින් ළමුන්ගේ සුරක්ෂිතභාවය පිළිබදව වැඩි ඉඩකඩක් වෙන්විය යුතු බවත් එහිදී අවධාරණය කෙරිණ. පරිසරය සහ සෑමතැන වෙසෙන ළමුන් සුරැකීමේ සංවිධානයේ අධ්‍යක්ෂක මොහොමඩ් මහරුෆ් ඇතුළු කාර්ය මණ්ඩලය, කථිකාචාර්ය එම්.සී. රශ්මින්, නීතිඥ අමාලි රණසිංහ, මාධ්‍යවේදීන්ගේ සමුපකාර සමිතියේ සභාපති රෝහණ සිරිවර්ධන, අධ්යක්ෂ ජනූර් කිචිලාන් යන මහත්වරු දේශන පැවැත්වූහ.