Home » අනු­ර­පුරේ ගොවි මහ­තුන් දෙදෙ­නෙක් ජන­පති හමු­වෙති
මිරිස්-කොමඩු වගා­ව­ලින් අත­මිට සරු­ක­ර­ගත්

අනු­ර­පුරේ ගොවි මහ­තුන් දෙදෙ­නෙක් ජන­පති හමු­වෙති

by Gayan Abeykoon
March 19, 2024 1:20 am 0 comment

අක්කර භාග­යක මිරිස් වගා­වෙන් මාස නව­යක් තුළදී රුපි­යල් මිලි­යන 12ක ආදා­ය­මක් ඉපැයූ අනු­රා­ධ­පුර තිර­ප්පනේ පුලි­ය­න්කු­ලම ග්‍රාමයේ තරුණ ගොවි මහ­තකු වු බන්දුල මුණ­සිංහ මහතා සහ අක්ක­ර­යක කොමඩු වගා­වෙන් මාස දෙක­කින් රුපි­යල් මිලි­යන 4ක ආදා­ය­මක් ඉපැයූ ගල්කු­ලම ප්‍රදේ­ශයේ පදිංචි බුද්ධික සුද­ර්ශන තරුණ ගොවි මහතා ඊයේ (18) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ල­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හමු­විය.

සිය අස්වැ­න්නෙන් කොට­සක් රැගෙන මෙලෙස ජනා­ධි­ප­ති­ව­රයා හමුවූ මෙම තරුණ ගොවි මහ­තුන් තමන්ට සරු­සාර අස්වැ­න්නක් ලබා ගැනී­මට මඟ පෙන්ව­මින් රජයේ කෘෂි­කර්ම නවී­ක­රණ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ ජනා­ධි­ප­ති­ව­රයා වෙත සිය ස්තූතිය පිරි­නැ­මීය.

බන්දුල මුණ­සිංහ මහතා කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ කෘෂි නවී­ක­රණ ව්‍යාපෘ­තිය හඳුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කර­මින් අක්කර භාග­යක මෙම මිරිස් වගාව සිදු කර තිබේ.

සාම්ප්‍ර­දා­යික ක්‍රමය යටතේ අක්කර භාග­යක වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමා­ණය පැළ 6000ක් පමණ වුවත් මෙම අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ වගා කළ හැකි මිරිස් පැළ ප්‍රමා­ණය 13,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එම නිසා ලබා­ගත හැකි අස්වැන්න කිහිප ගුණ­ය­කින් ඉහළ නැංවී­මට මෙම නව ක්‍රමය යටතේ හැකි වූ බව ඒ මහතා සඳ­හන් කළේය.

අනු­රා­ධ­පුර තිර­ප්ප­නය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ගල්කු­ලම ප්‍රදේ­ශයේ පදිංචි බුද්ධික සුද­ර්ශන ගොවි මහතා 39 හැවි­රිදි දෙදරු පියෙකි.

නවීන තාක්ෂ­ණය යොදා ගනි­මින් අක්ක­ර­යක සිදු කළ කොමඩු වගා­වෙන් ඉහළ අස්වැ­න්නක් ලබා ගැනී­මට හැකි වූ බවත් කොමඩු කිලෝ එකක් රුපි­යල් එක­සිය අසූ­වක පමණ මුද­ල­කට අලෙවි කිරී­මෙන් තමන්ට මෙම ඉහළ ආදා­යම ලබා ගැනී­මට හැකි වූ බවත් ඒ මහතා මහතා සඳ­හන් කෙළේය.

රට තුළ කෘෂි­ක­ර්මා­න්තයේ විප්ල­වීය පරි­ව­ර්ත­න­යක් ඇති කිරී­මට ආණ්ඩුව ගෙන යන වැඩ­පි­ළි­වෙ­ළේදී මෙවන් තරුණ ගොවි මහ­තුන් මහඟු ආද­ර්ශ­යක් බව පෙන්වා දුන් ජනා­ධි­ප­ති­ව­රයා ඔවුන්ගේ මෙහෙ­වර අග­ය­මින් සිහි­ව­ටන තිළිණ ද පිළි­ගැ­න්වීය.

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT