Home » කුඩු ගහන බස් රියැ­දු­රන් 6ක් කොන්දො­ස්ත­රලා 4ක් අත්අ­ඩං­ගු­වට

කුඩු ගහන බස් රියැ­දු­රන් 6ක් කොන්දො­ස්ත­රලා 4ක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
March 19, 2024 1:23 am 0 comment

ත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් රථ ධාව­නය කරන රියැ­දු­රන් 06 දෙනකු සහ කොන්දො­ස්ත­ර­වරු 04 දෙනෙක් වේල්ල­වී­දීය පොලි­සිය කළ විශේෂ වැට­ලී­ම­කදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.  වේල්ල­වී­දිය පොලි­සි­යට ලද තොර­තු­ර­කට අනුව පසු­ගිය සෙන­සු­රාදා කළ වැට­ලී­ම­කදී බස් රථ­වල රිය­දු­රන් සහ කොන්දො­ස්ත­ර­ව­රුන්ට මත්ද්‍රව්‍ය සප­යන පුද්ග­ල­යෙකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.  

ග්‍රෑන්ඩ්පාස් හි පදිං­චි­ක­රු­වෙක් වන එම සැක­කරු බස් රථ රිය­දු­රන් සහ කොන්දො­ස්ත­ර­වරු ඉල්ලා සිටින මත්පෙති, මත්ක­රල්, අයිස්, හෙරො­යින් ඇතුළු ඕනෑම මත්ද්‍ර­ව්‍යක් සප­යන අයෙක් බව පොලි­සිය කියයි.  බස් රථ රිය­දු­රන් සහ කොන්දො­ස්ත­ර­වරු මගීන් රැගෙන කොළ­ඹට බස් රථය ළගා­වන විට මෙම පුද්ග­ල­යාට අවශ්‍ය මත්ද්‍ර­වයේ වර්ගය සඳ­හ­න්කර දුර­ක­තන ඇම­තු­මක් දෙන බවත් එම ඇම­තු­මට අනුව මත්ද්‍රව්‍ය ලබා­දෙන බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.  මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව ඔහුගේ ජංගම දුර­ක­ත­න­යට දිගින් දිග­ටම රිය­දු­රන් සහ කොන්දො­ස්ත­ර­ව­රු­න්ගෙන් ඇන­වුම් ලැබී­මට පට­න්ගෙන ඇත. ඒ ගැන අව­ධා­නය යොමු­කළ වැට­ලීම කළ පොලිස් නිල­ධා­රීන් සැක­ක­රුට පවසා ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය ඇන­වුම් භාර­ගන්නා ලෙසය. අන­තු­රුව පොලිස් නිල­ධා­රීන් එම ඇන­වු­ම්ව­ලට අනුව සැක­කරු සමඟ ස්ථාන කිහි­ප­ය­කට ගොස් රිය­දු­රන් සහ කොන්දො­ස්ත­ර­ව­රුන්ට මත්ද්‍රව්‍ය ලබා­දෙ­මින් අත්අ­ඩං­ගු­වට ගැනීම කර ඇත.

මෙහිදී වැඩිම රථ රිය­දු­රන් සහ කොන්දො­ස්ත­ර­ව­රුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ කොළඹ – මිනු­ව­න්ගොඩ මාර්ගයේ ධාවන වන බස් රථ­වල සේවයේ නිර­තව සිටි­න්නන්ය. ඒ හැරුණු කොට ගම්පහ – කොළඹ, කුරු­ණෑ­ගල – කොළඹ මගී බස් රථ රිය­දු­රන් ද අත්අ­ඩං­ගු­වට ගත් අය අතර සිටින බව පොලි­සිය කියයි.  මෙම බස් රථ රිය­දු­රන් සහ කොන්දො­ස්ත­ර­වරු අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඇප මත මුදා­හැ­රිය බව පොලි­සිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT