Thursday, May 16, 2024
Home » අණ නොතකා ගිය යතුරුපැදිය අල්ලන්න ගියාට සව­ල­කින් පහ­රදී තණ­ම­ල්විල පොලි­සියේ 4ක් රෝහලේ
අණ නොතකා ගිය යතුරුපැදිය අල්ලන්න ගියාට

අණ නොතකා ගිය යතුරුපැදිය අල්ලන්න ගියාට සව­ල­කින් පහ­රදී තණ­ම­ල්විල පොලි­සියේ 4ක් රෝහලේ

by Gayan Abeykoon
March 19, 2024 1:24 am 0 comment

පොලිස් අණ නොතකා පලා ගිය යතු­රු­පැ­දි­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට ගිය තණ­ම­ල්විල පොලි­සියේ නිල­ධා­රීන් පිරි­ස­කට බීමත් පිරි­සක් විසින් සව­ල­කින් සහ පොල්ල­කින් කළ පහ­ර­දී­ම­කින් පොලිස් නිල­ධා­රීන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත ­කර ඇත.

මෙම සිදු­වීම වී ඇත්තේ පෙරේදා (17) සවස් කාල­යේදී කොම­ලි­ගම ප්‍රදේ­ශ­යේ­දීය. මෙම පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් වහාම ක්‍රියා­ත්මක වූ තණ­ම­ල්විල පොලි­සියේ ස්ථානා­ධි­ප­ති­ව­රයා නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් සමඟ කොම­ලි­ගම ප්‍රදේ­ශ­යට ගොස් තත්ත්වය පාල­නය කර පොලිස් නිල­ධා­රීන්ට පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් තිදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඒ අතර පොලිස් අණ නොතකා ධාව­නය කළ යතු­රු­පැ­දියේ පැදි­කරු ද සිටින බව පොලි­සිය කියයි. ඔහු ලුණු­ග­ම්වෙ­හෙර, කිරි­දි­නදී මාවතේ පදිං­චි­ක­රු­වෙක් වන 45 හැවි­රිදි පුද්ග­ල­යෙකි. සෙසු සැක­ක­රු­වන් දෙදෙනා තණ­ම­ල්විල කොම­ලි­ගම පදිං­චි­ක­රු­වන්ය. ඔවුන් අවු­රුදු 42 සහ 41 යන වය­ස්වල පසු­ව­න්නන්ය. තණ­ම­ල්විල පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිරත පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන දමින්ද (90500) සහ උද­ය­කු­මාර (67817) යන නිල­ධා­රීන් දෙදෙනා තණ­ම­ල්විල – උඩ­ව­ලව මාර්ගයේ රථ­වා­හන රාජ­කා­රියේ නිර­තව සිටි­යදී මාර්ගයේ ධාව­නය වෙමින් තිබුණු BIE 0222 අංකය දරණ යතුරු පැදිය නැව­ත්වී­මට සංඥා­කර තිබේ. එහිදී පොලිස් අණ නොතකා යතුරු පැදිය නොන­වත්වා පලා ගොස් ඇත.

එම අව­ස්ථා­වේදී පොලිස් නිල­ධා­රින් එම යතු­රු­පැ­දිය පසු පස පොලිස් යතු­රු­පැ­දි­ය­කින් හඹා­ගොස් තිබේ. ඒ යන විට යතු­රු­පැ­දිය කොම­ලි­ගම නන්ද­සේන නැමැ­ත්තාගේ නිවස ඉදි­රි­පිට නත­ර­කර තිබෙනු දුටු පොලිස් නිල­ධා­රීන් ඒ ගැන විම­සි­ලි­මත් වීමේදී යතු­රු­පැ­දි­කරු නිවස තුළ සිටිනු දැන ඇත. ඒ අනුව පොලිස් නිල­ධා­රීන් එම යතු­රු­පැ­දි­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට යාමේදී පෙනී ගොස් ඇත්තේ ඔහු බීම­තින් සිටින බවය. එබැ­වින් පොලිස් නිල­ධා­රීන් දෙදෙනා දිවා රථ­වා­හන රාජ­කා­රියේ යෙදී සිටි පොලිස් සැර­යන් ප්‍රභාත් (75594) සහ පොලිස් කොස්තා­පල් අනු­රුද්ධ (23832) යන නිල­ධා­රීන් දෙදෙ­නාව එම ස්ථාන­යට ගෙන්වා­ගෙන ඇත. එම නිල­ධා­රීන්ගේ ද සහාය ඇතිව යතු­රු­පැ­දි­ක­රුව පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන රැගෙන යාමට උත්සහ කළ අව­ස්ථා­වේදී බීම­තින් සිටි දෙදෙ­නෙක් එම ස්ථාන­යට පැමිණ පොලිස් නිල­ධා­රීන් සමඟ බහි­න්බස් වී පොලිස් නිල­ධා­රීන්ට සව­ල­කින් සහ පොල්ල­කින් පරදී ඇත. මේ බව තණ­ම­ල්විල පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා දැනු­ම්වත් කිරී­මත් සමඟ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා කණ්ඩා­ය­මක් සමඟ පැමිණ පහ­ර­කෑ­මට ලක්වූ නිල­ධා­රීන් සිව් දෙනා රොහ­ල්ගත කර­මින් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ගයාන් කුමාර වීර­සිංහ, ඩී. එස්. ගුණ­ති­ලක ඌව වෙල්ලස්ස විශේෂ, වැල්ල­වාය විශේෂ - ජී. අයි. ආර්. ගරු­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT