Home » විශ්‍රාම ලබා වසර 40කට පසු නිල නි‍ෙවසේ අයිතිය ඉල්ලයි
අනුරපුර හිටපු නාගරික කොමසාරිස්

විශ්‍රාම ලබා වසර 40කට පසු නිල නි‍ෙවසේ අයිතිය ඉල්ලයි

by Gayan Abeykoon
March 19, 2024 1:24 am 0 comment

 මීට වසර හත­ළිහ­කට පෙර අනු­රා­ධ­පුර මහ නගර සභාවේ නාග­රික කොම­සා­රිස් ධූරය දැරූ තමා  නිල නිව­සින් නෙරපා හැරී­මට අනු­රා­ධ­පුර වත්මන් නාග­රික කොම­සා­රි­ස්ව­රයා නිකුත් කර  ඇති  නෙරපා හැරීමේ නියෝ­ගය අභි­යෝ­ග­යට ලක් කර­මින් අනු­රා­ධ­පුර මහ නගර සභාවේ   හිටපු නාග­රික කොම­සා­රිස් පිය­සේන කරු­ණා­රත්න යන අය මහා­ධි­ක­ර­ණය හමුවේ පවරා ඇති රීට් පෙත්සම  ලබන ජූනි මස 7 දින අනු­රා­ධ­පුර අංක 3 මහා­ධි­ක­ර­ණයේ  විනි­සුරු චින්තක ගුණ­සේ­කර මහතා ඉදි­රියේ යළි කැඳ­වී­මට අනු­ර­ධ­පුර අංක 2 මහා­ධි­ක­ර­ණයේ  විනි­සුරු ලක්මාලි හේවා­ව­සම් මෙන­විය නියෝග කළාය.

මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය මෙසේ නියෝග කළේ අනු­රා­ධ­පුර මහ නගර සභාවේ හිටපු නාග­රික කොම­සා­රි­ස්ව­ර­යකු වන   පිය­සේන කරු­ණා­රත්න මහතා නාග­රික කෙමා­සා­රිස්  ධූරය හෙබවූ කාලයේ පදිං­විව සිටි නිල නිව­සින් නෙරපා හැරී­මට අනු­රා­ධ­පුර වත්මන් නාග­රික කොම­ස­රිස් රුවන් විජේ­සිංහ මහතා  නිකුත් කර ඇති නොතීසි නියෝ­ගය   අභි­යෝ­ග­යට ලක් කර­මින් අනු­රා­ධ­පුර මහ­ධි­ක­ර­ණය හමුවේ ගොනු කර ඇති රීට් පෙත්ස­මක් යළි කැඳවූ අව­ස්ථා­වේ­දීය.  හිටපු නාග­රික කොම­සා­රිස් පිය­සේන කරු­ණා­රත්න පදිංවි සිටි නිල නිව­සින් ඉවත් කිරීම සඳහා අනු­රා­ධ­පුර වත්මන් නාග­රික කොම­සා­රිස් රුවන් විජේ­සිංහ මහතා පළාත් පාලන ආය­ත­න­වල නිල නිවාස සන්ත­කය ආපසු ගැනීමේ පනත ප්‍රකා­රව  නෙරපා හැරීමේ නොතී­සි­යක් මීට පෙර  නිකුත් කළේය. පසුව එකී නෙර­පීමේ නියෝ­ගය අභි­යෝ­ග­යට ලක් කර­මින් එම නියෝ­ගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු නාග­රික කොම­සා­රිස් පිය­සේන කරු­ණ­රත්න ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනානී දයා­රත්න මහ­ත්මිය මගින්  අනු­රා­ධ­පුර මහා­ධි­ක­ර­ණය හමුවේ මෙම  රීට් පෙත්සම ගොනු කර ඇත.

මෙම රීට් පෙත්සම  කැඳවූ අව­ස්ථාවේ අනු­රා­ධ­පුර වත්මන් නාග­රික කොම­සා­රි­ස්ව­රයා සහ අනු­රා­ධ­පුර මහ නගර සභාව වෙනු­වෙන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පැව­සුවේ අනු­රා­ධ­පුර හිටපු නාග­රික කොම­සා­රිස් (පිය­සේන කරු­ණා­රත්න) ඇතුළු තවත්  පෙත්ස­ම්ක­රු­වන් කිහිප දෙනකු ඔවුන් පදිං­චිව සිටි නිල නිවා­ස­වල  පරම සන්ත­කය ඔවුන්ට පව­රන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් මීට පෙර  ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය  ප්‍රති­ක්ෂේප කර ඇති බවයි.

එමෙන්ම අනු­රා­ධ­පුර  නග­රා­ධි­ප­ති­ව­රයා සහ නාග­රික කොම­සා­රි­ස්ව­රයා අධි­ක­ර­ණ­යට අප­හාස කර ඇති බව පව­ස­මින් හිටපු නාග­රික කොම­සා­රිස් පිය­සේන කරු­ණා­රත්න යන අය අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කළ නඩු­වක්ද අභි­යා­ච­නා­ධි­ක­ර­ණය  විසින් ප්‍රති­ක්ෂේප කර ඇති බව ද  කුරුප්පු මහතා අධි­ක­ර­ණ­යට අව­ධා­ර­ණය කළේය. මීට වසර 40කට පෙර අනු­රා­ධ­පුර නාග­රික කොම­සා­රිස් ධූරය දැරූ පිය­සේන කරු­ණා­නා­රත්න යන අය සිය ධූරයේ බලය භාවිත කර­මින් ඔහු පදිං­චිව සිටි නිල නිව­සට අයි­ති­වා­සි­කම්  පෑමට හැකි වන පරිදි ලිපි ලේඛන සකසා ඇති බව­ටද  නීති­ඥ­ව­රයා චෝදනා කළේය.

අනු­රා­ධ­පුර-උපාලි ආනන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT