Sunday, May 19, 2024
Home » කොමාන්ඩෝ පුහු­ණු­වේදී හොඳම දස දෙනාට තේරුණු වෙඩි­ක්කරු කුඩුත් එක්ක මහ­නු­ව­රදී කොටුවෙලා

කොමාන්ඩෝ පුහු­ණු­වේදී හොඳම දස දෙනාට තේරුණු වෙඩි­ක්කරු කුඩුත් එක්ක මහ­නු­ව­රදී කොටුවෙලා

by Gayan Abeykoon
March 19, 2024 1:00 am 0 comment

හිටපු කොමාන්ඩෝ සෙබ­ළකු හෙරො­යින් මත්කුඩු ග්‍රෑම් 02ක් සමඟ මහ­නු­වර කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කය මගින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

විනය කඩ­කි­රීමේ හේතු ගණ­නා­වක් හේතු­වෙන් කොමාන්ඩෝ බළ­කා­යෙන් ඉව­ත්කර තිබෙන සැක­කරු පසුව පාතා­ලය හා සම්බ­න්ධතා පව­ත්ව­මින් මත්කුඩු ජාවා­ර­මට යොමුව තිබෙන බව පොලිස් පරී­ක්ෂණ මගින් අනා­ව­ර­ණය වී ඇත. හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ශාරී­රික පුහුණු උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙසත් සැක­කරු කලක් කට­යුතු කළ බවට ද ලැබුණු තොර­තු­රක් සනාථ කර ගැනී­මට පොලි­සිය කට­යුතු කර­මින් සිටියි.

කොමාන්ඩෝ පුහු­ණුවේ දී දක්ෂ සෙබ­ළුන් දස දෙනා අතර සිටි 28 හැවි­රිදි සැක­කරු අති දක්ෂ වෙඩි­ක්ක­රු­වකු බවත් මොහු පාතා­ලය හා සම්බන්ධ වී ඝාතන සිදු කළේ ද යන සැකය මත ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් පොලි­සිය පව­සයි.

දෙදරු පියකු වන සැක­කරු පදිං­චිව සිටි නෙල්ලි­ගල ප්‍රදේ­ශයේ නි‍ෙවස පරීක්ෂා කළ අව­ස්ථාවේ එහි තිබී හෙරො­යින් මත්කුඩු ග්‍රෑම් 02ක් පොලි­සිය සොයා ගෙන තිබේ.

සැක­කරු සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ලබා­ගත් රැඳ­වුම් නියෝ­ග­යක් මත සැක­ක­රු­ගෙන් වැඩි­දුර ප්‍රශ්න කිරීමේ සිදු කරයි.

කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තිලක් සම­ර­නා­යක මහ­තාගේ උප­දෙස් මත පොලිස් පරී­ක්ෂක වීර­රත්න, උප පොලිස් පරී­ක්ෂක බණ්ඩාර, පොලිස් සැර­යන් (32874) ජය­ව­ර්ධන යන නිල­ධා­රීන් සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන සිදු කරයි.

අසේල කුරු­ළු­වංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT