Home » ජේලර්වරයා බය කරන්න මල් වඩමක්

ජේලර්වරයා බය කරන්න මල් වඩමක්

by chanaka
March 18, 2024 8:11 pm 0 comment

ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට පිටතින් කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ(17) ප.ව.04.00 පමණ එහි බන්ධනාගාර රෝහල පරීශ්‍රයට තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් විසි කර ඇති අතර, එම පාර්සලය රාජකාරී නියුතු ජේලර්වරයෙකු විසින් අත්අංගුවට ගෙන තිබේ.

එම පාර්සලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්සලය වැටී තිබු ස්ථානය අසලින් බන්ධනාගරගත සැකකරුවෙකු රැඳී සිට ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා සඳහන් කළේය.

එම සැකකරු ආයතනය තුළ මත් ද්‍රව්‍ය ජාවාරම් කිරීම හා තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා බවට තොරතුරු ලැබී ඇති අයෙකු බැවින් ජේලර්වරයා විසින් සැකකරු කැඳවා අදාල පාර්සලය පිළිබද ප්‍රශ්න කර ඇත.

මෙම සිදුවීමෙන් පසු දින එනම් අද(18) පෙරවරුවේ ජේලර්වරයාගේ පුද්ගලික නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට අවමංගල්‍ය කටයුතු සදහා යොදා ගන්නා මල් වඩමක් හා ඉටිපන්දමක් තබා ගොස් ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයා විසින් අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා විමර්ෂණයක් ආරම්භ කිරීමටත් සැකකරු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමටත්, කටයුතු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT