Home » වී ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 15,000ක්

වී ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 15,000ක්

by chanaka
March 19, 2024 1:02 pm 0 comment

එක් ගොවියෙකුට වගා කරන උපරිම හෙක්ටයාර 2ක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීමට නියමිත වන පරිදි 2024 යල කන්නය සඳහා වී ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ අතර එම නියමිත සහනාධාර මුදල් ගොවියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුව ම බැරකිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

තව ද 2024 යල කන්නය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් ද පොහොර ආනයනය කර, පුද්ගලික අංශය සමග තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායි මිලකට පොහොර අලෙවි කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු ගත කර තිබෙන්නේ යල කන්නයේ වී වගාව සඳහා යූරියා, TSP සහ MOP යන රසායනික පොහොර පිළිවෙලින් මෙට්‍රික්ටොන් 110,298.1ක් මෙට්‍රික්ටොන් 27,711.1ක් සහ මෙට්‍රික්ටොන් 33,412.4ක් අවශ්‍ය බවටය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT