Home » පාතාලය හා කුඩු මඩින්න පොලිස් කණ්ඩායම් 20ක්

පාතාලය හා කුඩු මඩින්න පොලිස් කණ්ඩායම් 20ක්

by chanaka
March 19, 2024 12:45 pm 0 comment

අපරාධකල්ලි මුළු මනින්ම අවසන් කර වසර අවසන් වන විට අපරාධ ක්‍රියා මුළුමනින්ම පාලනය කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

අපරාධකල්ලි මර්දනයට හා මත්ද්‍රව්‍ය පාලනයට කණ්ඩායම් 20ක් පිටත්කර යැවීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සදහන් කළේය.

යුක්තිය මෙහෙයුම යටතේ අපරාධකල්ලි හා මත්ද්‍රව්‍ය තුරන් කිරිමට පොලිසිය හා පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 20ක් රටපුරා මෙහෙයුම් සදහා පිටත්කර හැරීම අද(19) සිදුවිය.

අදාළ කණ්ඩායම් 20 නිරීක්ෂණයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය.

“මේ වසර තුළ සිදුවූ සිද්ධීන් 99 කින් වටිනා මිනිස් ජීවිත 56 අහිමි වෙලා තියෙනවා
ඒ අනුව හඳුනාගත් අපරාධ කල්ලි මැඩලීමට මේ විශේෂ කංඩායම පිටත්කරනවා.අහිංසක මිනිස්සුන්ට වෙඩි තියලා ඝාතනය කිරීම සිදුකරා නම් අද සිට එවැනි අපරාධ කල්ලි මුළුමනින්ම අවසන් කර මේ වසර අවසන් වෙද්දී පාලනයක් ඇතිකරනවා. මෙහෙයුමට සහභාගී වන නිලධාරින්ගේ මේ නිර්භීත ක්‍රියා කලාපය නිසා මේ රටේ අහිංසක මහජනතාවගේ ජීවත් වීමේ අයිතිය ඇතුළු මිනිසුන්ගේ අයිතිවාසි ආරක්ෂා කිරීම හැකිවෙනවා.“

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT