යුක්තියේ මෙහෙයුම යටතේ (17) අලුයම බණ්ඩාරගම රයිගම අක්කර 8 ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන Òඅක්කර 8 චතු Ò නමැත්තා ඇතුළු හයදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
චතු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඔහුගේ නිවසේ වහලයෙන් තවත් නිවාස දෙකක වහලවලට පැන පලායාමට තැත් කළ ද හතර වටින්ම පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් වටකර ඇති බවට දැකීමෙන් අනතුරුව වහලයෙන් බැස පොලිසියට භාර විය.
එම සැකකරු මීට පෙර අවස්ථාවක ද පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඒ ආකාරයෙන්ම වහලෙන් වහලයට පැන පලායාමේදී එක් නිවසක වහලය කැඩී බිමට වැටී තුවාල ලැබීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය.
එම සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 5300ක් පොලිස් භාරයට ගැනීමට හැකි විය.
තවත් සැකකරුවෙකු තම වත්තේ මල් වගාව අතර පෝච්චිවල වවා තිබූ ගංජා පැළ සමඟ හා තවත් පුද්ගලයෙකු ගංජා සමඟ මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් කීප දෙනෙකු ද මෙන්ම හිටපු කල්ලියක සාමාජිකයෙක් ද අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම තුන අදියර යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යුද්ධ හමුදා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 150 දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදු කෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙනුවට සහකාර පොලිස් අධිකාරියේ නිශාන්ත සේනාරත්න මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් වැටලීම මෙහෙයවූහ.