Home » දුර ගමන් සේවා බස් රථ පරී­ක්ෂා­ව­කදී ගංජා කිලෝ එක­හ­මා­රක් සමඟ සැක­ක­රු­වෙක් මාට්ටු

දුර ගමන් සේවා බස් රථ පරී­ක්ෂා­ව­කදී ගංජා කිලෝ එක­හ­මා­රක් සමඟ සැක­ක­රු­වෙක් මාට්ටු

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

යුක්තිය මෙහෙ­යු­මට සම­ගා­මීව බස්රථ පරී­ක්ෂා­ව­කදී වවු­නි­යාවේ සිට කොළඹ බලා ගමන් ගත් මගී ප්‍රවා­හන පුද්ග­ලික බස්ර­ථ­යක තිබී කේරළ ගංජා කිලෝ­ග්‍රෑම් එක­හ­මා­ර­කට ආසන්න ප්‍රමා­ණ­යක් සමඟ සැක­ක­රු­වෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට සාලි­ය­වැව පොලි­සිය සමත්ව තිබේ.  23 වෙනි දින අලු­යම සාලි­ය­වැව මංස­න්ධියේ මාර්ග බාධක යොදා දුර ගමන් සේවා බස් රථ පරීක්ෂා කිරී­මට කට­යුතු කිරීමේ දී වවු­නි­යාවේ සිට කොළඹ බලා ධාව­නය වූ බස් රථ­යක අත්අ­ඩං­ගු­වට පත් සැක­ක­රු­වාගේ ගමන් මල්ලේ සූක්ෂ්ම ලෙස අසුරා තිබී මෙම ගංජා තොගය සොයා ගැනී­මට පොලි­සි­යට හැකිවී තිබේ. සැක­කරු පුත්ත­ලම ප්‍රදේ­ශයේ පදිංචි වයස අවු­රුදු හත­ළි­හක පමණ පුද්ග­ල­යෙකි. ඔහු මෙම ගංජා තොගය කොළඹ ප්‍රදේ­ශ­යට රැගෙන යන බව සිදු කළ මූලික පරී­ක්ෂ­ණ­ව­ලින් හෙළිවී ඇත. සැක­කරු පොලිස් භාරයේ රඳ­වා­ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සිදු කරනු ලැබේ.

මාර­විල සමූහ - මිහිර විජේ­සේ­කර පුත්ත­ලම අති­රේක හිරාන් ප්රියං­කර ජය­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT