Friday, May 10, 2024
Home » නිද­හස් වෙළෙඳ කලා­පයේ මත් පෙති වික්ක ඔසු­සල් හිමි­යෙකු ඇතුළු දස­දෙ­නෙකු දැලේ

නිද­හස් වෙළෙඳ කලා­පයේ මත් පෙති වික්ක ඔසු­සල් හිමි­යෙකු ඇතුළු දස­දෙ­නෙකු දැලේ

by Gayan Abeykoon
March 26, 2024 1:00 am 0 comment

කටු­නා­යක නිද­හස් වෙළෙඳ කලා­පයේ සේවයේ නිරත මත් පෙති සඳහා ඇබ්බැහි වූ තරු­ණ­යන් වෙත ඒවා අලෙවි කළ ඔසු­සල් හිමි­යෙකු ඇතුළු දස දෙනෙකු කටු­නා­යක පොලි­සිය මඟින් පෙරේදා (24) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.  ලංකාව තුළ දැනට ක්‍රියා­ත්මක Òයුක්තියÓ මෙහෙ­යු­මට සම­ගා­මීව කටු­නා­යක පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් ක්‍රියා­ත්මක කළ මෙහෙ­යු­මක දී කටු­නා­යක නිද­හස් වෙළෙඳ කලා­පය තුළ සේවයේ නිරත මත්ලෝලී තරු­ණ­යන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ඔවුන් රඳවා තබා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මෙම තරු­ණ­යන් හට මත්පෙති සප­යන කටු­නා­යක ඇව­රි­වත්ත නග­රයේ ප්‍රධාන ඇඟ­ලුම් අලෙ­වි­ස­ලක සේව­ක­යින් සිවු­දෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වී තිබේ.

ඔවු­න්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කර­ගෙන යාමේදී කටු­නා­යක නිද­හස් වෙළෙඳ කලා­පයේ තරු­ණ­යන්ට මත් පෙති අලෙවි කරන බට­හිර ඖෂධ සල සහ මෙම ජාවා­රම මෙහෙය වන එම වෙළෙඳ සලේ හිමි­කරු ද පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත් වී ඇත.

ඔහුට මෙම ඖෂධ අලෙ­වි­සල පවත්වා ගෙන යාම සඳහා නීත්‍ය­නු­කූල වෙළෙඳ බල­ප­ත්‍ර­යක් නොති­බුණු අතර, එහි සේවය කිරීම සඳහා සුදු­සු­කම් ලත් ඖෂ­ධ­වේ­දි­යෙකු සහ බට­හිර ඖෂධ අලෙවි කිරීම සඳහා ද ඖෂධ බල­ප­ත්‍ර­යක් ද තිබී නොමැත.

පසුව සීදුව ප්‍රාදේ­ශීය සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රී­ව­රයා ද කැඳවා මෙම ඖෂධ වෙළෙඳ සල පරී­ක්ෂා­වට ලක් කළ අතර එහිදී මත් පෙති සහ අලෙවි කර අව­සන් කර තිබූ හිස් මත් පෙති කාඩ්පත් විශාල ප්‍රමා­ණ­යක් ද සොයා ගෙන අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.  ප්‍රාදේ­ශීය සෞඛ්‍ය වෛද්‍ය­තු­මන්ගේ සහ මීග­මුව සහ­කාර පොලිස් අධි­කාරී රත්නා­යක මහ­තාගේ උප­දෙස් මත මෙම ඔසු­සල වසා මුද්‍රා තැබී­මට ද කටු­නා­යක පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් පිය­වර ගෙන ඇත.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් ඔසු සලේ හිමි­කරු ඇතුළු අනෙ­කුත් පුද්ග­ල­යන් දස­දෙනා මිනු­ව­න්ගොඩ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර තිබූ අතර, ඔවුන් එළ­ඹෙන පළමු වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කර ඇත.

 

කටු­නා­යක - ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT