Monday, May 20, 2024
Home » බිබිල-බදුල්ලගම්මන මාර්ගයේ ගලඔය හරහා නව පාලමක්

බිබිල-බදුල්ලගම්මන මාර්ගයේ ගලඔය හරහා නව පාලමක්

by sachintha
May 9, 2024 1:54 am 0 comment

බිබිල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් බිබිල – බදුල්ලගම්මන මාර්ගයේ ගලඔය හරහා නව පාලමක් ඉදිකිරීමට ඌව පළාත් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පියවරගෙන ඇත. ඒ සඳහා රුපියල් මිලියන එකසිය පනහක් පමණ වැයකෙරේ.

නව පාලම ඉදිකිරීමෙන් පසුව බිබිල – බදුල්ලගම්මන මාර්ගයේ ප්‍රවාහන කටයුතු විධිමත්ව සිදුකිරීමට නියමිතය. දියකොබල, කරගහවෙල, මල්ලැහැව, බදුල්ලගම්මන ඇතුළු කුඩා ගම්මාන රැසක ජීවත්වන විශාල පවුල් සංඛ්‍යාවකට මෙමඟින් සෙත සැලසෙන බැව් බිබිල ප්‍රාදේශීය ලේකම් කපිල බණ්ඩාර මහතා පැවැසීය.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT