Monday, May 20, 2024
Home » හයිද්‍රබාද් තරුණයකුගෙන් ගිනස් වාර්තාවක්

හයිද්‍රබාද් තරුණයකුගෙන් ගිනස් වාර්තාවක්

තත්පර 3කින් ඉංග්‍රීසි හෝඩිය පසුපසට ටයිප් කරලා

by sachintha
May 9, 2024 1:54 am 0 comment

ඉන්දියාවේ හයිද්‍රබාද් නුවර තරුණයකු ඉංග්‍රීසි හෝඩිය තත්ත්පර 2.88ක් ඇතුළත පසුපසට ටයිප් කරමින් ගිනස් වාර්තාවක් බිහි කිරිමට සමත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එස්.කේ. අෂ්රෆ් නමැති මේ තරුණයා එම වාර්තාව තබා ඇත්තේ පරිගණයක් භාවිත කරමිනි. ඔහු සිය ගිනස් වාර්තාව තැබු ආකාරය ඇතුළත් විඩියෝ පටය මේ වනවිට ඉන්දියාවේ සමාජ මාධ්‍යජාලය අතර සංසරණය වෙමින් පවතින බවත්, එය අසාමාන්‍ය වාර්තාවක් ලෙස පිළිගැනීමට ලක්වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම වීඩියෝ පටය එක්ස් සමාජ මාධ්‍යජාලයේ ගිනස් වාර්තා ගිණුමෙහි ද හුවමාරු වී

ඇතැයි වාර්තා වේ. අඩුම කාලයකදී ඉංග්‍රීසි හෝඩිය නිවැරැදි පිළිවෙළට ටයිප් කිරීමේ ගිනස් වාර්තාවට ද හිමිකම් කියනු ලබන්නේ අෂ්රෆ් බව වාර්තා වේ. ඔහු මීට පෙර එම වාර්තාව තබා ඇති අතර, ඒ සඳහා ඔහුට වැය වී ඇති කාලය තත්ත්පර 3.37ක් බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT