Monday, May 20, 2024
Home » බෑනාගේ පොරෝ පහරකින් මාමණ්ඩිය මරුට

බෑනාගේ පොරෝ පහරකින් මාමණ්ඩිය මරුට

by sachintha
May 9, 2024 2:25 am 0 comment

වවුනියාවේ මධුරා නගර් ප්‍රදේශයේදී බෑනා විසින් පොරොවකින් පහරදීම නිසා මාමණ්ඩිය 7දා මියගොස් තිබේ.

මේ දෙදෙනා අතර කාලයක සිට දැඩි විරසකයක් පවතින අතර සිද්ධිය වූ දිනයේදී බෑනා මාමණ්ඩියගේ නි‍ෙවස අසලට ගොස් ඔහුට බැන වැදීම නිසා හටගත් බහින් බස්වීමක් දුරදිගයාම නිසා බෑනා මාමණ්ඩියට පොරොවෙන් පහරදී තිබේ. බරපතළ ලෙස තුවාල ලැබූ මාමණ්ඩිය වවුනියාව මහ රෝහලට රැගෙන යන අතරවාරයේ මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් බෑනා හා මාමණ්ඩියට පහරදීමට යොදාගත් පොරොව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT