Monday, May 20, 2024
Home » සතුන් කෑ කෑම විකිණූ යාපනයේ හෝටලයකට සීල්

සතුන් කෑ කෑම විකිණූ යාපනයේ හෝටලයකට සීල්

by sachintha
May 9, 2024 2:24 am 0 comment

යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක සතුන් විසින් කා දමා දැමූ ආහාර වර්ගවල ඉතිරි කොටස් පාරිභෝගිකයන්ට අලෙවි කළ චෝදනාවක් මත එම වෙළෙඳ සැලේ අයිතිකරුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් 7දා නියම කරනු ලැබීය.

ඊට අමතරව එම සුපිරි වෙළෙඳ සැල නිසි ප්‍රමිතියට සකස් කර සෞඛ්‍ය නිලධාරීන්ගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනතුරු එම වෙළෙඳ සැලට මුද්‍රා තබන ලෙසද මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කොට සිටියේය.

එම වෙළෙඳ සැල පරීක්ෂා කළ යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සතුන් විසින් කා ඉතිරි වූ කොටස් පාරිභෝගිකයන්ට අලෙවි කරන අන්දමත් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමත් නිරීක්ෂණය වීමෙන් පසුව එම සුපිරි වෙළෙඳ සැලේ අයිතිකරුට එරෙහිව යාපනය අධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝග හා දඩ මුදල් පනවා තිබේ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT