Home » කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

by mahesh
May 10, 2024 1:00 am 0 comment

ඩුබායිහි පැවති ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට සහභාගිවී ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය.

“අපට මේ ජය හිමි කර ගැනීම සඳහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහායක් දුන්නා. එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ තරගාවලියක්, ආසියානු කුසලාන විස්සයි20 තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලියක් සඳහා අපි සහභාගි වෙනවා” ඇය පැවසුවාය. එසේම තමන් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද ඇය සඳහන් කළාය.

කටුනායක - ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT