Home » අරගලයට වසර දෙකයි: දේශපාලන ගමන් මඟ වෙනස් කිරීම වෙනුවෙන් ජනපතිට ජනතා සංදේශයක්

අරගලයට වසර දෙකයි: දේශපාලන ගමන් මඟ වෙනස් කිරීම වෙනුවෙන් ජනපතිට ජනතා සංදේශයක්

by mahesh
May 10, 2024 1:00 am 0 comment

නව සන්ධානයේ ඒකාබද්ධ වෘත්තීය සමිති කේන්ද්‍රය මඟින් විශේෂ සංදේශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (09) බාර දුන්නේය.

මැයි 9 වැනි දිනට අරගලයට වසර දෙකක් පිරීම හා මෙරට දේශපාලන ගමන් මඟ වෙනස් කිරීම වෙනුවෙන් ප්‍රදානය කරන ඓතිහාසික ජනතා සංදේශය ලෙස එය නම් කර තිබුණි.

ජනතා අරගලයට වසර දෙකක් සපිරෙන දවස වන විට ජනතාවගෙන් බහුතරයක් සතුටින් තැබිමේ ගෞරවය ජනාධිපතිවරයා වෙත පිරිනැමීම මේ සංදේශය භාරදීමේ ප්‍රමුඛ විය. ජනාධිපතිවරයා රට වෙනුවෙන් කළ කැපකිරීම්,දුෂ්කර තීන්දු තීරණ ගැනීම් ආදිය මේ සංදේශය මඟින් අගය කර තිබිණි.

ඉදිරි කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් ලෙස ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි සංදේශය පිරිනමමින් ඔවුන් සුබපැතුම් එක් කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT