Monday, May 20, 2024
Home » ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ශ්‍රී ලංකාවට මතුව නැහැ

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ශ්‍රී ලංකාවට මතුව නැහැ

by mahesh
May 10, 2024 1:00 am 0 comment

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ශ්‍රී ලංකාවට මතුව නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

අපේ රට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් රටවල් අප්‍රසාදයක් පළ කර නැහැ. අපි සිදු කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලින් රට නැවත ගොඩනැඟීම සම්බන්ධයෙන් ප්‍රශංසාත්මකව කතා කරනවා. තුන්වැනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකා බැලිය යුතුව තිබුණේ මාර්තු මාසයේදී. මේ බොරු කාරණා කියන නිසාද දන්නේ නෑ අනුර කුමාර මහතා සමඟ විපක්ෂ නායකවරයා විවාදයට නොයන්නේ. කවුරුත් නැති තැන තමයි විපක්ෂ නායකවරයා මේ දේවල් කියන්නේ. මාර්තු මාසයේ 21 වැනිදා තමයි මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණෙන්නේ. මෙතැන බොරු කියන්න එපා කියලා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ගැටලුවක් ලංකාවට මතු වෙලා නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මූලික සිද්ධාන්ත දෙකක් තිබෙනවා. පළමු එක තමයි ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව සියලු ණය හිමියන්ට දැනුම් දුන්නා ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී විනිවිදභාවය ආරක්ෂා කරන්නා සේම සැමට සමානව ප්‍රතිව්‍යුහගතකරණයකට ගමන් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා කියලා. එය මූලික සිද්ධාන්තයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී අපි ඉදිරිපත් කළ යෝජනාවලට විපක්ෂ නායකවරයා ඇතුළු එම කණ්ඩායම විරුද්ධ වුණා. එතැනදී විරුද්ධ වෙලා මෙතැන කියන ඒවා සාධාරණ නැහැ. දෙවැනි වටයේ සාකච්ඡා ආරම්භ කිරීමටත් අපි කටයුතු කරනවා. විපක්ෂ නායකවරයා බොරු කියන්නේ කුමන අරමුණක් සඳහාද? එක්කෝ එතුමාගේ නොදැනුවත්කම.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT