Home » මත්පෙති තිහක් රැගෙන මොරවැව සැරිසැරූ අයෙක් අත්අඩංගුවට

මත්පෙති තිහක් රැගෙන මොරවැව සැරිසැරූ අයෙක් අත්අඩංගුවට

by mahesh
May 10, 2024 1:00 am 0 comment

විකිණීම සඳහා මත්පෙති තිහක් රැගෙන මොරවැව ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට පත් වූ මහදිවුල්වැව ප්‍රාදේශීය රෝහලේ සුළු සේවකයෙකු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොරවැව සංචාරක මහේස්ත්‍රාත් හා ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් ජීවරාණි කරුපයියා මහත්මිය පොලිසියට නියෝග කළාය.

මෙසේ බන්ධනාගාරගත වූයේ මොරවැව, රොටවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක අයෙකි. සැකකරු සතුව තිබී ‍ ව්‍යාජ බවට සැක කරන යතුරුපැදි ලියාපදිංචි ලේඛන සහ රජයේ දෙපාර්තමේන්තුවක් මඟින් නිකුත් කළ පුද්ගලික විද්‍යුත් නාළිකාවක වාර්තාකරුවෙකු බවට දැක්වෙන මාධ්‍ය හැඳුනුම්පතක් ද සොයාගත් බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

දණ්ඩ නීති සංග්‍රහයේ පනස් හතර වැනි වගන්තිය ප්‍රකාරව මත්පෙති විකිණීමේ චෝදනාව යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT