Monday, May 20, 2024
Home » මැතිවරණ කොමිසම මුජිබර් මන්ත්‍රී ධුරයට පත් කරයි

මැතිවරණ කොමිසම මුජිබර් මන්ත්‍රී ධුරයට පත් කරයි

by mahesh
May 10, 2024 1:00 am 0 comment

හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මොහොමඩ් මුජිබර් රහුමාන් මහතා තෝරා පත්කර ගන්නා ලද බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බවට පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත කළ දැනුම්දීමට අනුව මුජිබර් රහුමාන් මහතාගේ නම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි විය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT