Home » රාජ්‍ය සේවයේ පුරප්පාඩු තිබුණත් සේවයේ බිඳවැටීමක් සිදුව නැහැ

රාජ්‍ය සේවයේ පුරප්පාඩු තිබුණත් සේවයේ බිඳවැටීමක් සිදුව නැහැ

by mahesh
May 10, 2024 1:00 am 0 comment

රාජ්‍ය සේවයේ දෙලක්ෂ පනස් දෙදහස් පන්සිය හැට දෙකක සේවක පුරප්පාඩුවක් පැවතියද ඉන් රාජ්‍ය සේවයේ බිඳවැටීමක් සිදු නොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා මෙසේද පැවසීය.

මේ වන විට රාජ්‍ය සේවයේ එකොළොස් ලක්ෂ අනූඑක් දහස් හයසිය පනස් එකක් සේවයේ නියුතුව සිටිනවා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු හේතුවෙන් මේ වන විට අධිකරණ සහ සමෘද්ධිය වැනි ආයතනවල සේවා සැපයීම අඩාළ වී තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT