Home » හමුදාවේ වෛද්‍ය බළකාය යනු සුවිශේෂී සේවාවක්

හමුදාවේ වෛද්‍ය බළකාය යනු සුවිශේෂී සේවාවක්

by mahesh
May 10, 2024 1:00 am 0 comment

හමුදාවේ වෛද්‍ය බළකාය යනු සුවිශේෂි සේවාවක් බැවින් එම බළකායට පොදු සමා කාලය ලබාදීමේ කිසිදු හැකියාවක් නැතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය. හමුදාවන්ට බැඳී හමුදාවේ හා රජයේ අරමුදල්වලින් පුහුණුව ලබන වෛද්‍ය බළකායේ සාමාජිකයින්ට හිතුණු හිතුණු වේලාවට එම සේවයෙන් පිටමං වීමට ඉඩ ලබාදිය නොහැකිය. හමුදාවන් වෙනුවෙන් පොදු සමා කාලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට රජය හා ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් ආරක්ෂක අංශවලින් ඉවත් වී විදෙස් ගතවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් රැල්ලට ගොස් අතරමං වෙන්න එපා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT