Monday, May 20, 2024
Home » දිඹුලාගල ඇල්ලේවැව විදුහලේ විශ්‍රාමික ගුරුවරුන්ට උපහාර

දිඹුලාගල ඇල්ලේවැව විදුහලේ විශ්‍රාමික ගුරුවරුන්ට උපහාර

by sachintha
May 9, 2024 1:35 am 0 comment

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ඇල්ලේවැව මහා විද්‍යාලයේ වසර ගණනාවක් සේවය කළ රටේ විවිධ පළාත්වල දැනට විශ්‍රාම සුවයෙන් සිටින ගුරුවරුන් සඳහා ගුරු උපහාර දැක්වීමේ උලෙළක් පසුගියදා එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

1985 වර්ෂයේ සිට 1989 වර්ෂය දක්වා කාලයේදී ඇල්ලේවැව මහා විද්‍යාලයේ ඉතා දුෂ්කර කටුක අත්දැකීම් විඳිමින් විද්‍යාලයේ දරුවන්ට ගුරුහරුකම් කළ ගුරුවරු විසිතුන්දෙනකු මෙහිදී උපහාරයට පාත්‍ර විය.

විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන, ඒ. එල්. සමන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආදි ශිෂ්‍යයන්ගේ සහයෝගයෙන් මෙම උපහාර උලෙළ සිදු කළ අතර, මෙම උපහාර උලෙ‍ළේදී ඇල්ලේව මහා විද්‍යාලයේ සිසු දරු දැරියෝ අපූරු නර්තන රැසක් ද ඉදිරිපත් කළහ.

රටේ විවිධ ප්‍රදේශවල දැනට පදිංචිව සිටින මෙම විශ්‍රාමික ගුරුවරුන් වසර තිස්පහකට පසුව යළිත් විදුමව් තුරුලට කැඳවා ගැනීම විශාල අභියෝගයක් වූ බවත්, ඊට පෙරමුණ ගත් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සමාජයට ලබාදෙන ආදර්ශය පූර්වාදර්ශයක් බවත්, පිදිය යුත්තන් පිදීම වත්මන් සමාජයේ කලාතුරකින් සිදුවන ක්‍රියාවක් බවත්, එවැනි පරිසරයක තමන්ගේ ගුරු සේවය අගයා සමරු සිහිවටන හා තිළිණ පිරිනැමීම සතුටට කරුණක් බවත් ගුරු උපහාරයට පාත්‍ර වූ ගුරුවරු මෙහිදී සඳහන් කළහ.

ගුරු උපහාර උලෙළෙන් අනතුරුව පැමිණි සියලු දෙනාටම දහවල් දේශීය ආහාරවලින් සැකසූ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමටද ආදි සිසුන් අමතක නොකළහ.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT