Monday, May 20, 2024
Home » OBS & SBP රැස්වීම කොළඹදී

OBS & SBP රැස්වීම කොළඹදී

by sachintha
May 9, 2024 1:35 am 0 comment

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සත්කාරකත්වයෙන් ‘oneworld Business Resilience and Safety Best Practice’ රැස්වීම කොළඹ දී පැවැත්විණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය oneworld ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයකු වශයෙන් තම සත්කාරක දායකත්වය ලබා දුන් ‘oneworld Business Resilience and Safety Best Practice’ කණ්ඩායම් රැස්වීම පසුගියදා කොළඹදී පැවැති අතර, oneworld සන්ධානයේ සාමාජිකයන් විසින් මෙලෙස වසරකට දෙවතාවක් තෝරාගත් ගුවන් සේවයක මවුරටේදී මෙම රැස්වීම පවත්වයි.

මෙවර ඒ රැස්වීම පැවැත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාව වෙත හිමි වූ අතර, ඒ සඳහා ගුවන් සේවාවන් 11ක නියෝජිතයෝ සහභාගි වූහ. එය ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සම්බන්ධ නවතම ප්‍රවණතා සහ ක්‍රමවේදයන් සාකච්ඡා කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය. එමෙන්ම තම සංචාරය අතරතුර කොළඹ නගරයේ සුවිශේෂී සහ සුන්දර ස්ථාන රැසක් දැක බලා ගැනීමට ද මෙම නියෝජිතයන්ට අවස්ථාව ලැබිණි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT