Monday, May 20, 2024
Home » හොරෙන් වැලි ඇද්ද ටිපර් 6ක් කොටු

හොරෙන් වැලි ඇද්ද ටිපර් 6ක් කොටු

by sachintha
May 9, 2024 1:34 am 0 comment

කිළිනොච්චියේ ධර්මපුරම් කල්ලාරු ප්‍රදේශයේ ඇළකින් අනවසරයෙන් වැලි ගොඩදමා ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ හයක් හා ඒවායෙහි සිටි සැකකරුවන් අටදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් 7දා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට පළාතේ මහජනතාව විසින් කරන ලද පැමිණිල්ලක් මත නිලධරීන් පිරිසක් එහි ගොස් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස හා වැලි තොගය ධර්මපුරම් පොලිසිය වෙත භාර දී ඇති අතර සැකකරුවන් අටදෙනා පොලිස් ඇප මත නිදහස් කොට, වැලි තොගය පොලිසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් මේ මස 10දා කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ධර්මපුරම් පොලිසිය පියවර ගෙන ඇත.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT